SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාපන්දුවේ නිල හඬ, Mr Football ජීවන පිටියෙන් නික්ම යයි.

Les Murray passes away
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම සහ SBS මාධ්‍ය ආයතනයේ පාපන්දු විස්තර විචාරක Les Murray AM අද (31/07) උදෑසන අභාවප්‍රාප්ත විය.

1945 වසරේ නොවැම්බර් මස 05 වන දින උපත ලැබූ ඔහු මිය යන විට 71 වන වියෙහි පසුවිය.

තම 71 වසරක දිවියෙන් 35 වසරක් පාපන්දු ක්‍රීඩාවේ විස්තර විචාරකයෙකු ලෙස ගත කළ  Les Murray, SBS මාධ්‍ය ආයතනයේ මෙන්ම ඔස්ට්‍රේලියානු පාපන්දු ක්ෂේත්‍රයේ නිළ හඬ ලෙස ජනාදරයට පත්ව සිටියේය.

Mr Football නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මොහු 1980 වසරේ පටන් SBS ආයතනයත් සමග සම්බන්ධ වී වැඩ කටයුතු ආරම්භ කළේ SBS රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගය.

සැබවින්ම ඔහු පාපන්දු විස්තර විචාරකයෙකුට එහා ගිය චරිතයකි.

ඔස්ට්‍රේලියානු පාපන්දුව අද පවතින ජනප්‍රිය තලයේ පැවතීමට Les Murray ගෙන් ලැබුණු ගුරුහරුකම් සහ ආශිර්වාදය අපරිමාණය.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩා විස්තර විචාරක ක්ෂේත්‍රයේ බල කණුවක් ලෙස හැඳින්විය හැකි Les Murray ගේ සැබෑ ජීවිතයෙන් උගත හැකි පාඩම් එමටය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now