SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නව විදේශ නීති චීනයට එරෙහිව නොවන බවට ඔස්ට්‍රේලියානු රජයෙන් ප්‍රකාශයක්.

Australia’s new foreign interference laws not directed at any specific country
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

දකුණු චීන මුහුද ආශ්‍රිතව චීනය සමග හටගෙන ඇති අර්බුදයේදී ඔස්ට්‍රේලියානු රජය කිසිවිටෙකත් පසුපසට නොයන බව ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇමතිනී Marise Payne පවසයි.

ඔස්ට්‍රේලියාව විසින් හඳුන්වා දුන් නව විදේශ මැදිහත්වීමේ නීති සම්බන්ධයෙන් චීන ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද පුවත් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සිය අවධානය යොමු කර තිබෙන බවද සඳහන්.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ නව විදේශ නීති කිසිදු රටක් ඉලක්ක කරගනිමින් නිර්මාණය නොකරන ලද්දක් බවද ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇමතිනී Marise Payne පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවත් සමග තමන් හට යහපත් සහ ස්ථිර සබඳතාවක් අවශ්‍ය බව චීනය තහවුරු කර තිබේ.

ඔස්ට්‍රේලියාවට එල්ල වන විදේශීය බලපෑම් වලින් ඔස්ට්‍රේලියාවේ ස්වාධීනත්වය රැකගැනීම උදෙසා ඔස්ට්‍රේලියාවේ නව විදේශ නීති සකස් කළ බවට ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැහැදිලි කිරීමෙන් අනතුරුව චීනය මෙසේ තම ස්ථාවරය දක්වා තිබේ.

මෙම අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ අග භාගයේදී චීනයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ වෙළෙඳ ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන් යොමු කළ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳවද The Australian Financial Review වාර්තා කර තිබුණි.

නමුත් චීනය එම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් දෙරට අතර වඩා හිතකර සබඳතාවක් පවත්වා ගැනීම දෙරටේම අපේක්ෂාව බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජිත  Geng Shuang පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now