SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු භූමියෙන් පිටත සරණාගතන් රඳවා තබාගැනීමට එක් බදු ගෙවන්නෙකු දරන පිරිවැය හෙළිවෙයි

Australia's offshore immigration detention
PNG Offshore Detention Centre Source: AAP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

සරණාගත පිරිස් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත ඇති රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා තබා ගැනීමේ ක්‍රියාවලිය හෙවත් offshore immigration detention program සඳහා ඉදිරි වසර 3 න තුලදී මෙරට බදු ගෙවන්නන් හට ඩොලර් බිලියනයකට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙතැයි වාර්තා වේ.

Save the Children ආයතනයෙහි GetUp නම් වන වැඩසටහන සහ ඕස්ට්‍රේලියාවේ Asylum Seeker Resource Centre යන ආයතන දෙක මඟින් මෙම තක්සේරුව සිදුකොට ඇත. එහිදී හෙළිව ඇත්තේ මෙලෙස ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත ඇති රැඳවුම් මධ්‍යස්ථාන වල එක් පුද්ගලයෙකු සඳහා වන වාර්ෂික වියදම ඩොලර් 5,70,000 ක් පමණ වන බවයි.

මෙලෙස ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත ඇති මධ්‍යස්ථාන වල සරණාගත පිරිස් රඳවා තැබීම අමානුෂික නොවන නමුත්, අධික පිරිවැය පිළිබඳව සලකා බලන විට එය අවසන් කිරීම වඩාත් යෝග්‍ය බව, Save the Children හි GetUp වැඩසටහනෙහි අධ්‍යක්ෂ ෂෙන් නාරයනස්වාමි පවසා සිටි.

මේ අතර ආන්දෝලනාත්මක medevac පනත අවලංගු වුවද අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ විටෙක පිටත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින සරණාගතයින් මෙරට ප්‍රධාන භූමියට රැගෙන ඒම සිදුකරන බව මූල්‍ය කටයුතු පිලිබඳ අමාත්‍ය මතියාස් කෝමන් පවසයි.

මෙඩිවක් පනත අවලංගු කරලීම වැලැක්වීමට සරණාගත උපදේශකයින් විසින් සිදුකරනු ලබන බලපෑම හේතුවෙන් දේශ සීමා ආරක්ෂාව බලවත් තර්ජනයකට ලක්ව ඇතැයිද අමාත්‍ය කෝමන් වැඩිදුරටත් පවසා සිටී . එහෙයින් එය අවලංගු කිරීමට සහාය දෙන ලෙස ඔහු සියලු සෙනෙට් සභිකයින්ගෙන් ඉල්ලා සිටී.

මෙම Medivac පනත මඟින් සරණාගතයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවට මාරු කිරීම සඳහා වෛද්‍යවරුන්ට නීතිය මගින් වැඩි බලතල ලබා දේ.

කම්කරු පක්ෂය මඟින් ගෙන ආ මෙම medivac පනත අහෝසි කලද සරගතයිනට අවශ්‍ය හදිසි අවස්ථාවන් වලදී ඔස්ට්‍ර්ලියානු ප්‍රධාන භූමියට රැගෙන විත් ප්‍රතිකාර කිරීම සිදුවෙනු ඇති බවද අමාත්‍ය මතියාස් කෝමන් වැඩිදුරටත් පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now