ඕස්ට්‍රේලියාව තුල ධනවතුන් සහ අඩු අදායමක් ලබන අය අතර පරතරය ඉහලට (SBS සිංහල/වාර්තා)

මෙම නවතම වාර්තාවට අනුව ඕස්ට්‍රේලියාව තුල වැඩියෙන්ම ධනය උපයන පිරිස සතියකට ඩොලර් 11,682ක් උපයන විට, අඩුවෙන්ම ධනය උපයන පිරිස සතියකට ඩොලර් 436ක් පමණක් උපයන බව සදහන්.

Inequality is preventing people with less income and wealth from reaching their potential in terms of education and invention.

Inequality is preventing people with less income and wealth from reaching their potential in terms of education and invention. Source: EyeEm/Getty Images

ධනය බෙදී යාමේදී ඕස්ට්‍රේලියාව තුල ඉතා අධික ධනයක් හිමි අය සහ අඩු ධනයක් හිමි අය අතර පරතරය මීට පෙර පැවති මට්ටමට වඩා වැඩි වී ඇතැයි වාර්තාවක් පෙන්වා දී තිබේ.

ලොව අනෙකුත් රටවලට වඩා ඕස්ට්‍රේලියාව වාසනාවන්ත රටක් ලෙස හැදින්වුවද, සම්පත් බෙදී යාමේදී ඕස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන අසමානතාවය වර්ධනය වී ඇති බව සදහන්. ඕස්ට්‍රේලියාව තුල සිටින ඉතා ධනවත් සියයට එකක පිරිස සති දෙකකදී උපයන ධනය,  ඉපයීමට අඩුවෙන් ධනය උපයන පිරිසට වසරක කාලයක් ගතවන බව මෙම නවතම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ. ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය සහ University of NSW එක්ව දියත් කල මෙම සමික්ශ්නයට අනුව සදහන් වන්නේ එම අඩුවෙන්ම ධනය උපයන පිරිස සියයට 5ක ප්‍රතිශතයක් බවයි.

ධනවතුන්ට සතියකට ඩොලර් 11,682ක්. අඩු අදායම් ලාභීන්ට ඩොලර් 436ක් !

මෙම නවතම වාර්තාවට අනුව  ඕස්ට්‍රේලියාව තුල වැඩියෙන්ම ධනය උපයන පිරිස සතියකට ඩොලර් 11,682ක්  උපයන විට, අඩුවෙන්ම ධනය උපයන පිරිස සතියකට ඩොලර් 436ක් පමණක් උපයන බව සදහන්.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තාවකට අනුව සදහන් වන්නේ, 2000 සහ 2008 වසර අතර තුර කාලයේ ජගත් මුලය අර්බුධය හමුවේ ධනවතුන් සහ දිලිදු අය අතර ඉතා විශාල පරතරයක් දක්නට ලැබුනත් දැන් එම පරතරයේ අගය විශාල වෙනස් කම්වලට භාජනය නොවන බවයි.

තවද මෙම නවතම වාර්තාවට අනුව වැඩිම ධනයක් උපයන නිවසක ඩොලර් මිලියන 2.9ක හිමිකමක් පෙන්වන අතරතුර, අඩුම අදායමක් ඇති නිවසක හිමිකම ඩොලර් 30,000ක් බව සදහන්.

ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ වර්ධන වේගය වැඩි වත්ම ධනවතුන් සහ අඩු අදායම් උපයන අය අතර පරතරය වැඩි වන බවත්, ආර්ථික වර්ධන වේගය අඩු වත්ම එම පරතරය එක් ස්ථානයක රැදෙන බවත් ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක ආචාර්ය Cassandra Goldie පවසයි. ධනවතුන්ට බදු සහන ලබාදීමෙන් සහ සමාජ ආරක්ෂණ දීමනා කපා දැමීමෙන් මෙම තත්වය තවත් වර්ධනය වන බව ඇයගේ අදහස වී තිබේ.

මෙම තත්වය සදහා විසදුමක් සෙවීමට රජය, ව්‍යාපාර,වෘත්තීය සමිති සහ ප්‍රජාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් ඇති බව ආචාර්ය Cassandra Goldie සදහන් කරයි.

ඕස්ට්‍රේලියාව තුල ධනය බෙදී යාමේ අසමානතාවය පිළිබද සොයා බැලු මෙම නවතම වාර්තාවට අනුව සදහන් වන්නේ වයස්ගත ප්‍රජාව සහ තරුණ ප්‍රජාව අතරද ධනය බෙදී යාමේදී සැලකිය යුතු වෙනසක් දක්නට ලැබෙන බවයි.

වයස්ගත අයට වැඩි අදායමක්. තරුණ අයට අඩු අදායමක්

2003 සහ 2015 අතර කාලයේ දත්ත සලකා බැලීමේදී, වයස අවුරුදු 64ට වැඩි අයගේ ධනය සියයට 57කින් වැඩි වන විට වයස අවුරුදු 35ට අඩු අයගේ ධනය වැඩි වී තිබෙන්නේ සියයට 22ක ප්‍රතිශතයකින් බව සදහන්.

තවද ඇමරිකානු ඩොලර් මිලියන 50ට වඩා වැඩි ධනයක් හිමි පුද්ගලයින් 3000ක් ඕස්ට්‍රේලියාව තුල සිටින බවත්, ලොව එවැනි ධනයක් හිමි පුද්ගලයින් හිමි රටවල් අතර ඕස්ට්‍රේලියාවට පස්වැනි තැන හිමිව ඇති බවත් සදහන්.


3 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now