SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කුඩාම ප්‍රාන්තයේ මැතිවරණය හෙට.

Tasmanian election 2018
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ටස්මේනියාවේ ප්‍රාන්ත මැතිවරණය හෙට (03/03) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ප්‍රාන්ත මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලනඥයින් තම මැතිවරණ ප්‍රවර්ධන කටයුතු අදින් (02/03) අවසන් කළ යුතු වේ.

හෙට පැවැත්වෙන ටස්මේනියාවේ ප්‍රාන්ත මැතිවරණයෙන් ලිබරල් පක්ෂයට තියුණු ජයක් හිමිවනු ඇතැයි මේ වන විට ප්‍රකාශයට පත් මත විමසුම් ප්‍රතිඵල පෙන්වා දෙයි.

නමුත් තම පක්ෂය හෙට පවත්වන මැතිවරණයෙන් ජය ගන්නා බව ටස්මේනියානු ප්‍රාන්තයේ කම්කරු පක්ෂ නායිකා Rebecca White, ABC  පුවත් වෙත පැවසුවාය.

මේ අතර ටස්මේනියාවේ ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයගතහොත් ප්‍රාන්තයේ ක්‍රියාත්මක සියලු සමාජ ශාලා සහ අවන්හල් වල ඇති poker  යන්ත්‍ර තහනම් කරන බව කම්කරු පක්ෂය පවසයි.

මෙවර ටස්මේනියානු ප්‍රාන්ත මැතිවරණයේ කැපී පෙනෙන මැතිවරණ ප්‍රවර්ධන පොරොන්දුව එය බව සඳහන්.

නමුත් ටස්මේනියාවේ පිහිටි සමාජ ශාලා සහ අවන්හල් වල ඇති poker  යන්ත්‍ර තහනම් කිරීම තමන්ගේ මූලික අරමුණ නොවන බව ප්‍රාන්තයේ ලිබරල් පක්ෂ නායක සහ ප්‍රාන්ත අගමැති Will Hodgman පවසයි.

ටස්මේනියානු ප්‍රාන්තය තුළ ගිනි අවි පාලනය කිරීමේ නීති සමාජයට හිතකර අන්දමින් වෙනස් කිරීම තමාගේ එක් ප්‍රධාන අරමුණක් බව ඔහු පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now