වසර අටකට පසු ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම පහත හෙළයි (SBS සිංහල/ වාර්තා)

පසුගිය සමයේදී ඔස්ට්‍රේලියානුවන් වැඩි සංඛ්‍යාවක් මැදපෙරදිග ත්‍රස්තවාදී කණ්ඩායම්වලට, විශේෂයෙන් IS සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ වීම හෝ ඔවුන්ට සහාය දීම නිසා පෙර පැවති ලිබරල් සන්ධාන රජය ත්‍රස්තවාදී තර්ජන උපදේශනය ශක්තිමත් කිරීමෙන් වසර අටකට පසුව මෙම පහත හෙලීම සිදු කර ඇත.

counter-terrorism

Source: AAP

ඔස්ට්‍රේලියාවට එල්ලවිය හැකි ත්‍රස්තවාදී තර්ජන මට්ටම probable (විය හැකි) මට්ටමේ සිට possible (හැකි) මට්ටම දක්වා පහත හෙළා ඇත.

ASIO හෙවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය මේ බව නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවට එල්ලවිය හැකි ත්‍රස්තවාදී තර්ජන මට්ටම පහළට

ඔස්ට්‍රේලියාවට එල්ලවිය හැකි ත්‍රස්තවාදී තර්ජන මට්ටම පහත හෙලුවත් පිහියක් හෝ වාහනයක් ආයුධයක් ලෙස යොදා ගනිමින් තනිව සිදුකළ හැකි පහරදීම් තවමත් විශාලතම තර්ජනයක් ලෙස පවතින බව ASIO අනතුරු අඟවයි.

පසුගිය සමයේදී ඔස්ට්‍රේලියානුවන් වැඩි සංඛ්‍යාවක් මැදපෙරදිග ත්‍රස්තවාදී කණ්ඩායම්වලට, විශේෂයෙන් IS සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ වීම හෝ ඔවුන්ට සහාය දීම නිසා පෙර පැවති ලිබරල් සන්ධාන රජය ත්‍රස්තවාදී තර්ජන උපදේශනය ශක්තිමත් කිරීමෙන් වසර අටකට පසුව මෙම පහත හෙලීම සිදු කර ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play 
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
සිරියාවේ කඳවුරුවල සිටින ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ ළමුන් ආපසු ගෙන්වා ගැනීම සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදී තර්ජන මට්ටම පහත හෙළීමේ තීරණය ASIO තහවුරු කළේය.

සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයන් වූ තම සහකරුවන් සමඟ සිරියාවට ගිය කාන්තාවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බව ASIO පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක ආයතන කෙරෙහි තමාට ප්‍රබල විශ්වාසයක් ඇති බව අදාළ කාන්තාවන් ආපසු ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම් පිළිබඳ විමසූ විට, අගමැති Anthony Albanese පැවසුවේය.

"මෙය ඔවුන් සඳහා වූ තීරණයකි. මම ඔවුන් ගැන අනුමාන නොකරමි, ඔවුන් වෙනුවෙන් අදහස් දක්වන්නේ නැහැ." යනුවෙන් ද ඔහු පැවසීය.
A list of the terror levels in Australia
The terror level has been downgraded in Australia

ප්‍රහාර දියත් කිරීමට අදහස් කරන අන්තවාදීන්ගේ සංඛ්‍යාව පහතට

ASIO අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess පවසන පරිදි, 2014 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී ප්‍රහාර 11ක් සිදුවී ඇති අතර ත්‍රස්තවාදී සැලසුම් 21ක් හඳුනාගෙන ඒවා ව්‍යර්ථ කිරීමට බලධාරීන් සමත් වී ඇත.

ඔස්ට්‍රේලියාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි තර්ජනය තවම පවතින අතර එවැනි ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන අන්තවාදීන්ගේ සංඛ්‍යාව පහත වැටී ඇති බව ASIO දැන් තීරණය කර ඇත.

"ඇතැම් පුද්ගලයින් තවමත් අනෙකුත් ඔස්ට්‍රේලියානුවන් මරා දැමීම ගැන කල්පනා කරමින් සිටිනවා, තවමත් ඔවුන්ගේ වෛරී මතවාදයන් සමාජගත කරමින් සිටිනවා, බෝම්බ සෑදීම පිළිබඳ පර්යේෂණ සහ ආයුධ සමඟ පුහුණු වීම් හරහා ඔවුන්ගේ ත්‍රස්තවාදී හැකියාවන් තවමත් ඔප් නංවමින් සිටිනවා" යනුවෙන් ASIO අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess පැවසීය.
කෙසේ වෙතත්, එවැනි පුද්ගලයින් පෙරට වඩා අඩුවෙන් සිටින අතර, ඔවුන්ගෙන් අඩු ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේදී සැබෑ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බව ද ඔහු අවධාරණය කළේය.

“ඔස්ට්‍රේලියාවේ බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇති ත්‍රස්තවාදී ප්‍රහාරයට තනි පුද්ගලයෙකු සම්බන්ධ විය හැකි අතර පිහියක් හෝ වාහනයක් වැනි මූලික සහ පහසුවෙන් ලබා ගත හැකි ආයුධයක් භාවිතා කරමින් එය සිදු කිරීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. මෙම ප්‍රහාර කල් ඇතිව හඳුනා ගැනීම අපහසු වන අතර සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව සිදු විය හැකියි,” යනුවෙන් ASIO අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ට පැවසීය.

අන්තර්ජාලයේ රැඩිකල්කරණය

ඉරාක-සිරියා ගැටුමෙන් පසු නැවත ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය සටන්කාමීන් අනතුරක් වන බව ASIO පිළිගන්නා අතර ඔස්ට්‍රේලියානු බන්ධනාගාරවල සිටින ත්‍රස්තවාදීන් 50 කට වැඩි පිරිසකට ඉදිරි වසරවලදී ඔවුන්ගේ දඩුවම් කාලය සම්පූර්ණ වනු ඇති බවද වාර්තා වේ.

අන්තර්ජාලය ඔස්සේ දැනුම රැස්කිරීම් මගින් අන්තවාදී තොරතුරු පුළුල් ලෙස ලබා ගත හැකි බව සොයාගෙන ඇත.

එබැවින් යමෙකු රැඩිකල්කරණයට ලක්වන කාල රාමුව ඉතා වේගවත් විය හැකිය.

වයස අවුරුදු 13 සහ 14 වැනි කුඩා දරුවන් අන්තර්ජාලයේ රැඩිකල්කරණයට හසු වී ඇති බවට සාක්ෂි ද වැඩි වෙමින් පවතී.

ජාතිකවාදී සහ ජාතිවාදී අන්තවාදය මෙන්ම යම් අන්තවාදී මතයන් අදහන පිරිස් විසින් එල්ල කරන අඛණ්ඩ තර්ජනය ASIO විසින් නොකඩවා නිරීක්ෂණය කරයි.

මේ අතර තර්ජන මට්ටම අඩු බැවින් හැඟවෙන්නේ ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක ආයතන සඳහා අඩු මෙහෙයුම් වේගයක් නොවන බව සියලුම ඔස්ට්‍රේලියානුවන් තේරුම් ගැනීමට අවශ්‍ය බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neill පැවසුවාය.


Share

Published

By Anna Henderson, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service