SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු විරැකියා ප්‍රතිශතය තවත් පහළට.

Unemployment
Source: Getty

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු විරැකියා  ප්‍රතිශතය නවතම දත්ත වලට අනුව පහත වැටී  ඇති බව සදහන්.

5.9ක්ව තිබු එම ප්‍රතිශතය මේ වන විට 5.7ක් බවට පත්ව ඇති බව වාර්තා පෙන්වා දී තිබේ. 

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වලට අනුව පසුගිය අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියානු ආර්ථිකයට රැකියා  37,400  එක්  වී ඇති බව සදහන්.

නමුත් ස්ථිර රැකියා අවස්ථා 11,600  අහිමි වී ඇති අතර අර්ධකලින රැකියා අවස්ථා 49,000 ක් අප්‍රේල් මාසය තුල නිර්මාණය වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

විපක්ෂයේ රැකියා කටයුතු පිළිබද ප්‍රකාශක  Brendan O'Connor පවසන්නේ ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය මුහුණ දී ඇති අර්බුධකාරී වාතාවරණය මෙම දත්ත මගින් පෙන්නුම් කරන බවයි.

නමුත් මේ පිලිබදව අදහස් දක්වන ෆෙඩරල් රජයේ රැකියා කටයුතු පිළිබද ඇමතිනි  Michaelia Cash පවසන්නේ අදාල දත්ත පිලිබදව පුළුල් කෝණයකින් බැලිය යුතු බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now