SKIP TO MAIN CONTENT

ටෙක්සාස් වෙඩිතැබීමේ සිද්ධිය පවුල් ආරවුලකට සම්බන්ධ එකක් බවට තොරතුරු.

Texas mass shoot
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Sutherland Springs හි පිහිටි දේවස්ථානයක පසුගිය ඉරිදා උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 26 දෙනෙකු බවත් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙන බවත් වාර්තා වේ.

එම දේවස්ථානයේ ඉරිදා උදෑසන දේව මෙහෙය අතරතුර ඊට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව මොටර් රථයකින් පාලාගිය සැකකරු ඇල්ලීමට පොලීසිය ලුහුබැඳ ඇති අතර ඔහු ඒ අතර තුර ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු පොලිස් වෙඩි පහරින් මියගියේ ද නැතිනම් සියදිවි හානිකර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු ආනාවරණය වී නොමැත.

මේ අතර මෙම ප්‍රහාරය ටෙක්සාස් ප්‍රාන්ත ඉතිහාසයේ එල්ල වූ දරුණුතම ප්‍රහාරය බව ටෙක්සාස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට ආසියාවේ සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධ සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු 26 හැවිරිදි Devin Patrick Kelley නැමැත්තා බව මේ වන විට අනාවරණය වී තිබේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත් පවුල් ආරවුලකට සම්බන්ධ සිද්ධියක් බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ටෙක්සාස් ප්‍රාන්ත දෙපාර්තමේන්තුවේ කලාප අධ්‍යක්ෂ Freeman Martin පැවසීය.

SBS පුවත් ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now