SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක් දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 161 ක දැවැන්ත ජයක්

Avishka Fernando and Kusal Mendis hit tons as Sri Lanka dominate West Indies
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවති දෙවැනි එක් දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 161 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 345 ක් ලබාගැනීමට ඔවුන්ට හැකි විය.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ද ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළෝය.

ජයග්‍රාහී ලකුණු 346 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම ලකුණු 184 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිදු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින්ද නුවන් ප්‍රදීප් කඩුලු 2 ක්ද බිඳ හෙළීය.

තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දු හට හිමි විය.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක් දින තරගය එළඹෙන මාර්තු 01 වන දින මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now