SKIP TO MAIN CONTENT

පියාගේ අභාවයෙන් පසුව ධනංජය කොදෙව් දූපත් බලා පිටත් වේ.

Dhananjaya returned for West Indies tour following father's funeral
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ බටහිර ඉන්දීය සංචාරය සඳහා තෝරාගනු ලැබ සිටියදී සිය පියාණන්ගේ හදිසි අභාවය වෙනුවෙන් නතර වූ ඉදිරි පෙළ පිතිකරු ධනංජය ද සිල්වා ඊයේ (03/06) බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව ගියේය.

ධනංජයගේ පියාණන් වූ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ රන්ජන් ද සිල්වා මහතා නාඳුනන තුවක්කුකරුවගේ වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසුගිය සතියේ ජීවිතක්ෂයට පත් විය.

මෙම සිදුවීමත් සමගම ධනංජය ද සිල්වා සිය කොදෙව් සංචාරය අතහැර දැමූ අතර ඔහුගේ මානසිකත්වය යහපත් අතට හැරෙන තෙක් අවශ්‍ය කාලය ඔහුට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

කෙසේවතත්, ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම තරගයට ධනංජය ක්‍රීඩා කිරීම පිළිබඳ කළමණාකාරීත්වය තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රේඒම් ලැබ්රෝයි මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා සහ කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගය 0ජුනි 6 වන දින ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now