Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

උතුරු කොරියාවට තවත් සම්බාධක පනවන්නට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව තීන්දු කරයි.

UN Security Council granted tough new sanctions against North Korea.

Source: SBS

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී උතුරු කොරියාවට තවත් සම්බාධක පැනවීමට තීරණය කෙරුණු අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාවේද පූර්ණ සහය හිමි වී තිබේ.

උතුරු කොරියාවේ හිතුවක්කාරී න්‍යෂ්ඨික අත්හදා බැලීම් සම්බන්ධව දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in සමග ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සකච්ඡා පවත්වා පැය කිහිපයකට පසුව මෙම ඒකමතික තීන්දුව ගෙන තිබේ.

15 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම කවුන්සිලය 2006 වසරේ පටන් උතුරු කොරියාව හට ඒකමතිකව සම්බාධක පැනවූ 9 වන වාරය මෙය බවද වාර්තා වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now