SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඉන්දියා 4 වන එක්දින ක්‍රිකට් තරඟයද පරාජවීමෙන් පසු ලසිත් මාලිංග කියූ කතාව

Lasith Malinga -
SL ODI Cricket captain Source: SBS Sinhala

3 min read

Published

Updated


Skip to article content

එකිනෙකා විවේචනය  නොකර සාර්ථකව ලෝක කුසලානයට මුහුණදිය හැකි අත්දැකීම් බහුල කණ්ඩායමක් ඉදිරියේදී සකස් කර ගත යුතු යැයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පැවසීය.

ක්‍රකට් කණ්ඩායමේ සිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නොමැති අවස්ථාවක නවක ක්‍රීඩකයන්ගෙන් තරගයට මුහුණදීමේදි ක්‍රීඩකයන්ගේ පීඩනය අවබෝධ කර ගත යුතු යැයි ඉන්දියාව සමග පැවැති තරගයෙන් අනතුරුව ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදි ඊයේ ( අගෝස්තු 31) රාත්‍රී පැවැති මාධ්‍ය හමුවේදී කණ්ඩායම් නායකයා මේ බව කීවේය.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති අවසන් තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 250 ඉක්මවා යාමට අවස්ථාවක් නොලැබුණු බවත් මේ වන විට පන්දු යැවීම, පන්දු රැකීම හා පිති හරඹ යන අංශ ත්‍රිත්වයේ මන්දගාමීත්වයක් දක්නට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

වර්ෂ 2019දී ලෝක කුසලාන තරගයට සාර්ථකව මුහුණදීමට නම් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම අත්දැකිම් බහුල ක්‍රිකට් කණ්ඩායමක් බවට පත් කර ගත යුතු යැයි කී ලසිත් මාලිංග ඒ වන විට මෙම ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරග 30ත් 50ත් අතර ප්‍රමාණයක අත්දැකීම් හිමිව සිටිය යුතු යැයි කීවේය.

ලෝකයේ බොහෝ කණ්ඩායම්වල සිටින ක්‍රීඩකයන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන බැවින් අසීරු අවස්ථාවලදී ඔවුන්ට යහපත් මානසිකත්වයකින් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව මාලිංග පැවසිය . වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග ,

".....ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ චාමර සිල්වා, තිළිණ කණ්ඩම්බේ, මාලිංග බණ්ඩාර, කෞෂල්‍ය ලොකුආරච්වි, කෞෂල්‍ය තිලකරත්න, තරංග පරණවිතාන, මලින්ද වර්ණපුර වැනි ක්‍රීඩකයන් අද කණ්ඩායමේ නැහැ. ඔවුන් අත්දැකීම් සමුදායකින් යුතු ක්‍රීඩකයන්. කුමන හේතුවෙක් මත හෝ ඔවුන් අද අප අතර නැහැ. ඔවුන් වයස අවුරුදු 27 – 30 අතර කාලයේදී දේශීයව වසර 10ක් පමණ හා අන්තර් ජාතිකව වසර දෙකක් පමණ ක්‍රීඩා කොට අත්දැකීම් ලැබූ අයයි. එවැනි තත්ත්වයක් යටතේ පාසලෙන් ඉවත්වූ හා ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන්ට අන්තර් ජාතික තරගවලදී යහපත් තරගයක් කරා කණ්ඩායම රැගෙන යාම පහසුවන්නේ නැහැ.

සෑම අවස්ථාවකදීම කණ්ඩායම තුළ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් හත අටදෙනෙකු සිටිය යුතුයි. නමුත් අද අප කණ්ඩායමේ සිටින්නේ අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයන්. ඔවුන් යහපත් පුහුණුවක් කරා ගෙන යාම තුළින් අපට ලෝක කුසලානයේදී යහපත් සාර්ථක තරගයක් කරා කණ්ඩායම යොමු කළ හැකියි. මේ සදහා කළ යුත්තේ කණ්ඩායමට යහපත් පුහුණුවක් හා නිරන්තරයෙන් අන්තර්ජාතික තරග අත්දැකීම් ලබාදීම..."  යැයි ලසිත් මාලිංග ප්‍රකාශ කළේය.

තරග පරාජයේදී ක්‍රීඩකයන්ට, තේරිම් කමිටුවට චෝදනා කරනවාට වඩා රටක් ලෙස කණ්ඩායමට සහයෝගය ලබා දීම සිදුකිරීමයි වැදගත් වන්නේ.

උපුල් තරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් තමන් කණ්ඩායම් නායකයා වූ බවත් ඉදිරි තරගයේදී කණ්ඩායම් නායකත්වය දරන උපුල් තරංගට තමන් සුභ පතන බව ද ලසිත් මාලිංග කීවේය. එමෙන්ම තමන් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේදී රටට තමන්ගෙන් සිදුවිය යුතු දක්ෂතා ඉටු නොවන්නේ නම් ඉතා සතුටින් ක්‍රිඩාවෙන් ඉවත්වීමට කටයුතු කරන බව ද වත්මන් කණ්ඩායම් නායක ලසිත් මාලිංග වැඩිදුරටත් කියා සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now