SKIP TO MAIN CONTENT

යහපාලන ආණ්ඩුවේ නව රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න

New State and Deputy Ministers sworn in before President
Source: www.pmdnews.lk

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක සම්මුතිවාදී රජයේ මැයි 01 වන දින සිදු කළ නව කැබිනට් සංශෝධනයත් සමග නව රාජ්‍ය අමාත්‍යවරු 08 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් ඊයේ (02/05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරු 08 දෙනා සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනා ගේ නම් ලැයිස්තුව පහත පරිදි වේ.

රාජ්‍ය අමාත්‍යවරුන්

01. පාලිත රංගේ බණ්ඩාර මහතා – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

02. දිලීප් වෙදආරච්චි මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

03. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා- මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

04. මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

05. චම්පිකා පේ‍්‍රමදාස මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

06. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා – විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

07. ශි‍්‍රයානි විජේවික‍්‍රම මහත්මිය – කී‍්‍රඩා සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

08. වීරකුමාර දිසානායක මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරුන්

01. අමීර් අලී සෙයිඞ් මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබ`ද නියෝජ්‍ය අමාත්‍ය

02 . දුනේෂ් ගන්කන්ද මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

03. රන්ජන් රාමනායක මහතා – සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය

04 . එච්.එම්.එම් හාරිස් මහතා – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

05. කරුණාරත්න පරණවිතාන මහතා – විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට                                                             උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

06. සාරති දුෂ්මන්ත මහතා – අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

07. පාලිත තෙවරප්පෙරුම මහතා – තිරසර සංවර්ධන, වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

08. මනුෂ නානායක්කාර මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

09. මුත්තු සිවලංගම් මහතා – සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

10. සෙයිඞ් අලි ෂහීර් මවුලානා මහතා – ජාතික ඒකබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now