SKIP TO MAIN CONTENT

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති පුහුණ තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක පරාජයක්.

ICC Cricket World Cup 2019
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (27/05) පැවති පුහුණු තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකණු 239 ක් ලබාගැනීමට ඔවුන් සමත් විය.

එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 56 ක්ද ධනංජය ද සිල්වා ලකුණු 43 ක්ද ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාව පන්දුවාර 44 යි පන්දු 5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 241 ක් ලබාගනිමින් තරගයේ ජය සනිටුහන් කළේය.

ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් උස්මාන් කව්ජා අගනා ලකුණු 89 ක් ලබාගත්තේය.

ඒ අනුව මෙතෙක් පැවති පුහුණු තරග දෙකෙන්ම ශ්‍රී ලංකා පිළ පරාජයට පත් විය.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණ දෙන පළමු නිල තරගය නවසීලන්තය සමග ජුනි 01 වන දින පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now