SKIP TO MAIN CONTENT

අපි ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසා අවසන් : ඇමරිකානු සෙනෙට් සභිකයින් තමාට කී බව කෙහෙළිය රඹුක්වැල්ල හෙළිකරයි (වීඩියෝ)

Keheliya Rambukwalla _ MP - Sri Lanka
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට මෙරට පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් හා  සෙනෙට් සාමාජිකයන් කිහිපදෙනෙකු පැවසූ  බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. (මෙයට අදාළ වීඩියෝව පහත ඇත)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කොට ඇතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සමීපකයන් කිහිපදෙනෙකු ඊට දැඩි විරෝධය පළ කරන බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිව සිටින බව තමන් සමග කළ සාකච්ඡාවේදී හෙළිවුණු බව ඉකුත්දා ( සැප් 16) මහනුවරදී පැවැති සාකච්ඡාවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

කිසියම් අයුරකින් මෙම ව්‍යවස්ථාව සම්මත වුවහොත් එය ශ්‍රී ලංකාවට අනිසි බලපෑම් රැසක් ඇති කරනු ඇතැයි කී මන්ත්‍රීවරයා එසේවුවහොත් ජගත් ජයසූරිය මහතා පමණක් නොව කිසිදු සෙබලෙකුට අත තැබීමට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා කළ ප්‍රකාශ ඉන් අහෝසි වන බව කීවේය. මෙම මස 21 වන දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පිටුවහල් කිරීමේ පනත සම්මතවුවහොත් ඒ තුළින් ද ජනාධිපතිවරයා කළ ප්‍රකාශ වලංගු කිරීමට හැකියාවක් නැතැයි කී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ කීවේය.

".....උතුරේ ජීවත්වන අහිංසක ජනතාවට රට දෙකට බෙදීමට අවශ්‍යතාවක් නැහැ. ඔහුට අවශ්‍ය කරන්නේ ගොවිතැනට වතුර ටික, ජීවත්වීමට ආහාර ආදියයි. නමුත් දේශපාලන භේදය නිසා සුලු පිරිසක් රට බෙදා වෙන් කිරීමට උත්සහ කරනවා. ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතා සුලු කාලයක් තුළදී මෙවැනි තත්ත්වයට පත්වූ ආණ්ඩුවක් දැකිය නොහැකියි. කුඩා දරුවාගේ සිට වැඩිමහල්ලා දක්වා ද කම්කරුවාගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වා ද ගොවියන් ආදී විවිධ රැකියා කරන අය අද පීඩාවට පත්ව සිටිනවා.

ආර්ථික අර්බුද ඇතිවීම් ලෝකයේ දැකිය හැකි නමුත් ඒ රටවල් අර්බුද සදහා විසදුම් යොදා ගන්නවා. නමුත් වත්මන් ආණ්ඩුවට සාර්ථික විසදුමක් ලබා ගැනීමට හැකියාව නැහැ. රටේ පාලකයන් ප්‍රකාශ කරන්නේ අසීමිත ප්‍රජාතන්ත්‍රවාදය නිසා මෙම ගැටලු මතු වෙන බවයි. පාලකයන් සිතන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලා යන බවයි.

සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලයේ අර්බුදය, විදුලි බල සේවකයන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. අරණායක නාය යාම, සාලාව යුද හමුදා කදවුර පුපුරායාම නිසා අවතැන්වූවන් අදත් සිටින්නේ ඒ ස්ථානවල අසරණ තත්ත්වයට පත්වයි. කොළොන්නාව ගං වතුර, මීතොටමුල්ල කුණු කන්දට අදත් විසදුම් නැහැ. ගැටලුවලට විසදුම් ඉල්ලා ජනතාවට අද ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතාවලින් පැමිණීමට සිදුව තිබෙනවා.

උතුරේ මහ ඇමති ඉල්ලා සිටින්නේ ෆෙඩරල් පාලනයක්. අපේ පාලකයන්ට වඩා ඔහු හොද යැයි මගේ හැගීම. ඔහු ඔවුන්ගේ ඉල්ලීම වෙනුවෙන් සෘජුව පෙනී සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ දෙමළ ජාතික සන්ධානය තවමත් ක්‍රියාත්මක කරන එල්.ටී.ටී.ඊ. සංවිධානය රට තුළ ඇති කිරීමට උත්සහ කළ පාලනය ඇති කිරීමටයි.

ඒකිය රටක් ලෙස පවත්වා ගැනීමට අප කටයුතු කළ යුතු නමුත් ඇතැම් පිරිස් උත්සහ කරනුනේ රට තුළ ෆෙඩරල් පාලනයක් ඇති කිරීමටයි ...."

කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • කාලීන සිදුවීම් ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

  • සවන්දෙන්න SBS සිංහල වැඩසටහනට, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙ.ව 11 සිට නැතිනම් අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhalese


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now