SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අනුමත කිරීම සඳහා මාස 13 කට වඩා වැඩි කාලයක් ගතවන බව හෙළිවෙයි.

Australian citizenship application fees will increase by 72 per cent.
Australian citizenship application fees will increase by 72 per cent. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ජනතාවගෙන් 2,20,000 කට අධික පිරිසකට ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසි අයදුම්පත් කැඳවීමේ කාර්යාවලිය සම්පුර්ණ වනතුරු බලා සිටීමට සිදුව ඇතැයි වාර්තාවේ.

කෙසේ වුවද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන අයදුම්පත්‍ර සංඛ්‍යාව පෙරට වඩා ලක්ෂයකින් අඩුව තිබේ.

එහෙත් තවදුරටත් සංක්‍රමණිකයන් හට ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අනුමත කිරීම සඳහා දින 410 ක් හෙවත් මාස 13 කට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුව ඇතැයි වාර්තාවේ.

මෙලෙස තම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන අයදුම්පත්‍ර අනුමත වනතුරු බලා සිටින අය අතර ඉන්දියානුවන් 30,000 ක්, බ්‍රිතාන්‍යයන් 27,000 ක් සහ චීන ජාතිකයන් 18,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.

Australian Citizenship
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now