SKIP TO MAIN CONTENT

ජනපති මෛත්‍රී අද ජපානයට.

President Maithree off to Japan today.
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (12/03) ජපානය බලා පිටත්ව යයි.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව ජපානය බලා පිටත්ව යන සිරිසේන මහතා එළඹෙන 17 දා තෙක් එරට රැදී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

හෙට (13/03) දිනයේ ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා හමුවීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 14 වැනි දින සාකච්ඡා සඳහා ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා මුණ ගැසීමට නියමිත වේ.

එම සාකච්ඡාවලින් අනතුරුව ජපන් අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත අතර නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now