SKIP TO MAIN CONTENT

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ හා රාජ්‍ය විරෝධී කරුණු ඇතුළත් ලිපි 600 ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට.

SL Minister’s staff members arrested with 600 letters defaming President and inciting racial enmity.
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අපකීර්තියට පත් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ හා රාජ්‍ය විරෝධී කරුණු රැසක් සඳහන් ලිපි 600 ක් සමග සැකකරුවන් තිදෙනෙක් ඊයේ (02/05) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ලිපි ශ්‍රී ලංකාව පුරා ඇති විවිධ බෞද්ධ විහාරස්ථානවලට යොමු කිරීම සඳහා ඔවුන් සකස් කොට තිබූ බව සඳහන්.

අදාළ සැකකරුවන් තිදෙනා මෙම ලිපි බාරදීමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි අවස්තාවේදී ඒ පිළිබඳ සැක සිතී කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් විසින් ඒ බව ‍පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලට අයත් සාමාජිකයින් බවද වැඩිදුර වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now