"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ” යන දේශපාලකයින්ගේ ප්‍රකාශයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය පිළිතුරු දෙති.

Tri-Buddhist Chapters comment on the political statement that “Sri Lanka is not a Buddhist Country”

Source: SBS Sinhala

යහපැවැත්ම සහ රටේ අභිවෘද්ධිය උදෙසා මහා සංඝරත්නය විසින් අවස්ථා ගණනාවකදී අනුශාසනා ලබා දී ඇතත් ඒවා නොසලකා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රට ඛේදනීය තත්ත්වයට පත්ව ඇතැයි ත්‍රෛනිකායික මහාසංඝරත්නය සඳහන් කරයි.

රට තුළ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවක "ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ” යැයි කියමින් සිය ඡන්ද ප්‍රමාණය වැඩි කරගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් මිස ජනතාවගේ සිත් සතන් නිවා දැමීමත් නොවන බව උන්වහන්සේ සිය නිවේදනයේ සඳහන් කරයි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන්, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පෙමසිරි හිමිපාණන් සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන්ය.

දේවානම්පියතිස්ස රජ දවස මෙරට බෞද්ධ රාජ්‍යයක් බිහි විය. වර් ගය, භාෂාව, ආගම තුළ ගැටුම් ඇති කරන බෙදුම් රේඛාවක් බඳු වුවත් නිර්මල බුදු දහමේ ආභාෂයෙන් හික්මවනු ලැබූ සිංහල බෞද්ධ ජනතාව ඉතිහාසය පුරාම විවිධ ජාති හා ආගම් සමඟ එක්ව සාමකාමීව සහජීවනයෙන් කටයුතු කළහ.

අනාදිමත් කාලයක් තිස්සේ අන්‍යයන් ඉවසීමේ ගුණයෙන් යුක්ත ව විසූ ශ්‍රී ලංකාව තුළ වර් තමා න ගැටළුවට මුල්වූ  මුස්ලිම්වරු ලංකාවට අවතීරණය වූයේ ස්වදේශිකයන්ගේ හොදහිත සහ විශ්වාසය දිනාගත් සාමකාමී වෙළඳ ප්‍රජාවක් වශයෙනි.

බෞද්ධාගමේ ඉවසීම හා පිළිසරණ වීමේ ගුණයේ උපකාරයෙන් ඔවුන් අපේම ජනතාවක් වශයෙන් එක්ව සාමකාමීව කටයුතු කිරීමේ පරිසරයක් උද්ගත විය. සිංහල ස්වදේශිකයන් හා මුස්ලිම් ජාතිකයන් අතර වර් ධනය වී තිබුණු සුහද සම්බන්ධතාවය මුල්කොටගෙන මෑතක් වෙනතුරුම මුස්ලිම් බහුතරය සිංහල ජනතාව සමග සහජීවනයෙන් කටයුතු කළහ.

මුස්ලිම්වරු සමඟ පමණක් නොව අනෙකුත් ජාතීන් හා ආගමිකයන් සමග ද බෞද්ධයන් කටයුතු කළේ ඔවුනොවුන් හා බලවත් සහෝදරත්වයකින් ය. එහෙත් පසුගියදා ත්‍රස්තවාදී අන්තවාදී මිලේච්ඡ ක්‍රියා කළ පිරිස්වල ක්‍රියාකාරකම් නිසා ජනවාර්ගික, ආගමික භේද උත්සන්න වී ඇත.

සියලු වාර් ගික, සියලු ආගමික සමගිය, සමාදානය තහවුරු වන සේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ හා විශේෂයෙන් ම පාලකයන් සතු බලවත් වගකීමක් වන්නේය. එහෙත් බලය මුල්කරගෙන ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ චේතනාවෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යහපත් ප්‍රතිඵල රැසක් උද්ගත වී ඇත. රටේ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවක දී වගකිවයුතු ඇමතිවරයකු විසින් ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ වැනි ප්‍රකාශයක් සිදුකිරීම පවා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනිය.

එසේම වින්දිතයන්ගේ සිත්සතන් නිවා සනසන වෙනුවට අඳුර අදූරදර්ශී ක්‍රියා කරන බවක් දක්නට ලැබේ. පසුගිය පාස්කු ඉරිදා ඇතිවූ අවාසනාවන්ත  සිද්ධීන් ගෙන් පසු එහි වින්දිතයන්ගේ සිත්සතන් තුළ විශ්වාසය හා නීතිය සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබිණි.

නිසි වෙලාවට නිසි ආකාරයට කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවන් යළිත් ඇති වීමට හේතු වී ඇත. මීට පෙරද අවස්ථා කිහිපයකදි රටේ පැවැත්ම හා  අභිවර්ධනය උදෙසා මහා සංඝරත්නය විසින් අනුශාසනා ලබා දී ඇති නමුත් ඒවා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නැවත නැවත බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි.

එම අවාසනාවන්ත අවස්ථාවේදී නීතිය හා සාමය ආරක්ෂා කර කිරීමෙහි නිරතව සිටින ආරක්ෂක අංශයන්ට මැදිහත්ව රටට හිතැති ව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම කාගේත් පරම යුතුකමකි.

ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල යෙදෙන වෙසක් පුන් පොහෝදිනය සැදැහැ සිතින් අනුස්මරණය කිරීමේ සාමකාමී පරිසරයක් ඇති කර ගැනීම සඳහා ලක්වැසි සියලු ජනතාව ම එක්ව සමගියෙන් කටයුතු කර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමට සහයෝගය දීම සුදුසු බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටින බව ත්‍රෛිනිකායික මහා සංඝරත්නය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි


3 min read

Published

By Madhura Seneviratne

Presented by Nadeeka Daya Bandara - Sri Lanka

Source: SBS Sinhala program


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now