SKIP TO MAIN CONTENT

නීතිය හා සාමය ඇමතිකම මට දුන්නොත් මම මාස 6 න් වැඩ පෙන්නනවා : සරත් ෆොන්සේකා

Quick results if I am appointed minister of Law and Order: SF
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය අමාත්‍යධුරය තමන්ට ලබා දුනහොත් තමන් ඉක්මන් ප්‍රතිඵල පෙන්වන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක මහතා තමන් දැරූ නීතිය හා සාමය අමාත්‍යධුරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (15/02) ඉවත්වීමත් සමග එම ධුරය පුරප්පාඩු විය.

"මට නීතිය හා සාමය අමාත්‍යධුරය දුන්නොත් මම මාස 6 න් ප්‍රතිඵල පෙන්නනවා. " යනුවෙන් සරත් ෆොන්සේකා මහතා පැවසූ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක ලෙස පත් නොකළ යුතු බවත් ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් ට නැවත අවස්ථාවන් ලබා දුනහොත් රට ආපස්සට යාමක් සිදුවන බවත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now