SKIP TO MAIN CONTENT

කම්කරු පක්ෂය ත්‍රස්තවාදීන්ට සහය පළ කරන බවට ලිබරල් සන්ධාන රජයෙන් චෝදනා.

encryption legislation
New encryption laws have already passed. Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කේතනය කළ පණිවිඩ ඔස්ට්‍රේලියානු පොලීසියට සහ බුද්ධි අංශ වලට ලබා ගැනීමට හැකියාව ලබා දෙන නව යෝජිත නීති වලට සහය නොදැක්වීම මගින් කම්කරු පක්ෂය ත්‍රස්තවාදීන්ට සහය පළ කරන බවට ලිබරල් සන්ධාන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය  Mathias Cormann චෝදනා කරයි.

කේතනය කළ පණිවිඩ ඔස්ට්‍රේලියානු පොලීසියට සහ බුද්ධි අංශ වලට ලබා ගැනීමට හැකියාව ලබා දෙන නීති කෙටුම්පත පිළිබඳ මේ දිනවල ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙයි.

මේ අතර යෝජිත මෙම නව නීති සම්මත කරගැනීමට කම්කරු පක්ෂයේ සහය අත්‍යවශ්‍ය බවත් තවමත් ඒ සඳහා ඔවුන්ගේ එකඟතාවක් පළ වී නොමැති බවත් වාර්තා වේ.

යෝජිත මෙම නව නීති වලින් ත්‍රස්ත ක්‍රියා, ළමා ලිංගික අපයෝජකයින් සහ දරුණු ගණයේ අපරාධ සඳහා සිදු කෙරෙන පණිවිඩ හුවමාරුව වටලමින් ඒවා මැඩලීම ප්‍රධාන අපේක්ෂාව වේ.

කෙසේනමුත්, මෙම නව නීති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව පිළිබඳ රහස්‍ය තොරතුරු හැක් කිරීමකට ලක්වීමේ අවදානමක් ඇති බව කම්කරු පක්ෂය පෙන්වා දෙයි.

මේ අතර විපක්ෂය රටේ නීති සමග සෙල්ලම් කරන බව අමාත්‍ය  Mathias Cormann, Sky පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now