SKIP TO MAIN CONTENT

ඉතිහාසයේ ප්‍රථම වරට පුංචි ඡන්දයකදී බලයේ සිටින ලංකා රජයක් අන්ත පරාජයට.

LG Poll Sri Lanka
Person voting Source: Daily News

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ බලයේ සිටින දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ (10/02) පැවැත්වූ මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවට උරුම වී ඇති බව වාර්තා වේ.

කොළඹ, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, කොළොන්නාව, කුලියාපිටිය, , පානදුර යන නගර සභා ද, බදුල්ල, පස්සර, ලුණුගල යන ප්‍රාදේශීය සභා එජාපයට හිමිවී ඇත.

තිරප්පනේ, මහරගම, මහියංගනය, ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් ය.

පොහොට්ටුව හා ශ්‍රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇත.

අනුරාධපුර, පුත්තලම, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත.

මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත.

කළුතර දිස්ත්‍රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවය.

ශ්‍රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්‍රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්‍ර‍හණය හිමිවී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි.

මුතූර් ප්‍රා.ස. මුස්ලිම් කොන්ග්‍ර‍සය විසින් ජයගෙන ඇත. 

අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත.

ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්‍රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත.

(තහවුරු කර නොමැති නමුත්, අප වෙත ලැබී ඇති කොට්ඨාශ ප්‍ර‍තිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත. ද්‍ර‍විඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්‍යාවක් ද, පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්‍ර‍මාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ)

මෙය නිල ප්‍රතිපල වලට පෙර දැනට පවතින තත්වය පිළිබඳව වාර්තාවන ප්‍රතිපල හරහා ස්වාධින මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සිදුකරන ලද උපකල්පනය මත ප්‍රකාශ කරන ලද ප්‍රතිපල බව කරුණාවෙන් සලකන්න. 

කැෆේ සංවිධානයේ තොරතුරු ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now