SKIP TO MAIN CONTENT

හදිසි අවස්ථාවන් හිදී ක්ෂණිකව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ කැඳවීමේ බලය පිළිබඳ පනත් කෙටුම්පතක්.

Australian military call-out powers
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

හදිසි අවස්ථාවන් හිදී ක්ෂණිකව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ කැඳවීමේ බලය පිළිබඳ පනත් කෙටුම්පතක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ යම් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක යම් ආකාරයේ ත්‍රස්ත තර්ජනයක් ඇතිවුවහොත් ක්ෂණිකව ඔස්ට්‍රේලියානු විශේෂ ආරක්ෂක අංශ කැඳවීමේ බලය අදාළ ප්‍රාන්ත හා ටෙරිටරි වලට හිමිවේ.

වර්තමානයේ එවැනි ත්‍රස්ත තර්ජනයකදී අදාළ ප්‍රාන්තය හෝ ටෙරිටරිය  එම සිදුවීම තම රජයට පාලනය කළ නොහැකි තත්ත්වයක් බවට ප්‍රකාශ කර විශේෂ ආරක්ෂක අංශ  වල සහය ඉල්ලීමට යොමු විය යුතුය.

නමුත් එම ක්‍රියාවලිය හේතුවෙන් අදාළ ත්‍රස්ත තර්ජනයට ප්‍රතිචාර දැක්වීම සැලකිය යුතු ලෙස ප්‍රමාද වන බව අවබෝධ වීමෙන් ඔස්ට්‍රේලියානු රජය මෙම නව පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වේ.

2014 වසරේදී සිඩ්නි නුවර  Lindt අවන්හලේදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ඊට කදිම නිදසුනක් බව රජය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම පනතින් ඔස්ට්‍රේලියානු භූමිය, ඔස්ට්‍රේලියාවට හිමි සාගරය සහ ගුවන් කලාපය තුළ සිදුවන ඕනෑම ත්‍රස්ත තර්ජනයකට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට හැකිවේ.

සියලු ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව පතා මෙවැනි තීරණයක් ගත් බව නීතිපති Christian Porter, ABC පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now