SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගබ්සාව නීතිගත කිරීමේ පනත් කෙටුම්පතට සහයව සහ විරුද්ධව පෙළපාලි.

NSW bill to decriminalise abortion
Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගබ්සාව නීතිගත කිරීමේ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සෙනට් සභාවට මේ සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා සහය පළ කරන සහ විරෝධය දක්වන රැළි නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තුවෙන් පිටත පැවැත්වෙන බව වාර්තා වේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට ඉදිරිපත්වුණු ගබ්සාව රජයේ අපරාධ පනතෙන් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 59 ට 31 ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත විය.

මෙම පනතට සහය දක්වන රැළියක් අද (20/08) නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවෙන් පිටත පැවැත්වීමට නියමිතයි.

එසේම මෙම පනතට විරෝධතාව දක්වන කණ්ඩායම් අද දිනයේදී සිඩ්නි නුවර මාටින් පෙදෙසේ විරෝධත රැලි පවත්වා අද සවස සිට පාර්ලිමේන්තුවෙන් පිටත රැය පහන්වන තුරු රැඳී සිටිමින් විරෝධතාව පළකිරීම සඳහා සුදානම් වන බවට වාර්තාවේ.

මේ අතර, මෙම පනතට විරුද්ධ වන ලෙස ඉල්ලා සිටි ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ හිටපු නියෝජ්‍ය අගමැති Barnaby Joyce ගෙන් ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන ලෙසට සකස්කොට ඇති දුරකථන ඇමතුමක් ලැබෙන බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ජනතාවගෙන පැමිණිලි ලැබී ඇතැයිද වාර්තාවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now