SKIP TO MAIN CONTENT

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වන විදෙස් මැදිහත්වීම් වලට මුහුණ දීම සඳහා ශක්තිමත් අචාර ධර්ම පද්ධතියක් බිහි කිරීමට කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගනියි.

Estudiantes universitarios.
Source: Press Association

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වෙමින් පවතින විදෙස් මැදිහත්වීම් වලට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිමත් අචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සමග එක්ව කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට එල්ල විය හැකි අනෙකුත් විදේශීය බලපෑම් පිළිබඳ ලිබරල් සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පසුගිය සති අන්තයේ කරුණු අවධාරණය කර සිටියහ.

චීනය සමග ඇතිකරගැනීමට සූදානම් වන උදර්පණ නීතියට විරුද්ධව මේ දිනවල ක්‍රියාත්මක වන හොංකොං විරෝධතා වලට විරෝධය පාමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන චීන ජාත්‍යන්තර සිසුන් දහස් ගණනක් විරෝධතා ව්‍යාපාරයක නිරතවීමත් සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දැඩි අවධානය මේ සඳහා යොමු විය.

මෙම නව අචාර ධර්ම පද්ධතිය යටතේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී කතා කිරීමේ නිදහස, එක් රැස්වීමේ නිදහස වැනි ක්‍රියා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now