SKIP TO MAIN CONTENT

ඇමෙරිකානු ජනාධිපති, ඊශ්‍රයලයේදී ඉරානයට දෙහි කපයි.

Politics of United States
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ සිදු කළ සංචාරයේ ප්‍රථම දිනයේදීම ඉරානය පිළිබඳ නැවත අවධානය යොමු කර තිබෙන බව වාර්තා වේ.

සෞදි අරාබියේ සංචාරය කිරීම නිම කර ඊශ්‍රායලයට පැමිණි ඇමෙරිකානු ජනධිපතිවරයා යෙරුසෙලම් නුවරදී ප්‍රකාශ කර සිටියේ කලාපයේ සාමය උදෙසා ඉරානය න්‍යෂ්ඨික අත්හදා බැලීම් නවතා දැමිය යුතු බවත් ඒ සඳහා ලබා දෙන ප්‍රතිපාදන නැවැත්විය යුතු බවත්ය.

මැදපෙරදිග සාමය පිළිබඳ ඇමෙරිකාව අනුගමනය කරන නව ප්‍රතිපත්තිය පිළිබඳ ඊශ්‍රායල් අගමැති Benjamin Netanyahu සිය ප්‍රසාදය එහිදී පළ කර සිටියේය.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට පෙරාතුව ඩොනල්ඩ් ට්‍රම්ප්, යේසුස් වහන්සේ මිහිදන් කළ සහ නැවත උත්තානය කළ ස්ථානය ට ද පසුව යෙරුසලමේ ඇති උතුම් ස්ථානයක් වන බටහිර තාප්පය නැරඹීමටද ගිය බව වාර්තා වේ.

USA Politics
Donald Trump visited the Western Wall, one of the most sacred sites in Judaism. Source: SBS

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (23/05) පස්වරුවේ පලස්තීන ජනාධිපති  Mahmoud Abbas ද මුණ ගැසීමට නියමිත බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now