ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික තව දුරටත් පහළ දැමීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපතිවරයා ඉඟි පළ කර තිබේ.
මීට සති දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික 0.25% කින් පහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව කටයුතු කළේය.
ඒ අනුව මේ වන විට එය 1.25% මට්ටමේ පවතී.
ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඒ තුළින්ම වර්ධනය වීම අපේක්ෂා කිරීම යථාර්ථයක් නොවන බව ඊයේ (20/06) ඇඩිලේඩ් නුවරදී පැවති උත්සවයකදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe පැවසුවේය.
ඔස්ට්‍රේලියානු ආර්ථික වර්ධනයට මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් වල සහයෝගය ලැබිය යුතු බවට ඔහු ඊයේ දිනයේදී ද පුන පුනා පැවසුවේය.
![The governor of the Reserve Bank [[RBA]] has indicated it's prepared to lower interest rates further.](https://assets.sbs.com.au/dims4/default/452e632/2147483647/strip/true/crop/704x396+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fdrupal%2Fyourlanguage%2Fpublic%2Frba_gettyimages-454488124_1.jpg&imwidth=1280)
