ලංකාව ඇතුළේ ප්‍රශ්න ලංකාවටම විසඳගන්න ඉඩ දෙන ලෙස මෛත්‍රී ලෝක නායකයින්ට කියයි.

sri lanka president  Addresses 73rd Session United Nations

Source: www.president.gov.lk

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ට ආරාධනා කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73වැනි සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමින් ඊයේ (26/09) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් පරාජය කළේ ලොව පැවති ප්‍රබලතම ත්‍රස්ත සංවිධානයක් බවත් එනිසාම අද වන විට ශ්‍රී ලංකාව නොබෙදුණු රටක් ලෙස පවතින බවත්  සිරිසේන මහතා එහිදී ලෝක නායකයින්ට පැවසුවේය.

පසුගිය වසර තුනහමාරක කාලයේ පශ්චාත් යුද සමයක ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීමට කැපවූ ශ්‍රී ලංකා රජය ජාතික සමගීය, සංහිඳියාව සහ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් පුළුල් වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු ශ්‍රී ලංකාවටම විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ද එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now