නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින ඔබට දැන් ජංගම දුරකතනයේ ඇති ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

s

Source: SBS

මේ වන විට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ලෙස පවතින ඩිජිටල් රියදුරු බලපත්‍ර මුළු ප්‍රාන්තය පුරාම  ක්‍රියාත්මක කිරීමට NSW රජය සුදානම් වෙනවා. මෙය ඊයේ (29 Oct) සිට ප්‍රාන්තය පුරාම ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර, දැන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ (NSW) රියදුරන්ට සිය smart ජංගම දුරකතනයේ තම රියදුරු බලපත්‍රය තබා ගත හැකි අතර Service NSW app එක මේ වන විට යාවත්කාලීන (update) කොට ඇති බවද සඳහන්. මේ වසරේ NSW ප්‍රාන්ත අය වැය ඉදිරිපත් කරමින් භාණ්ඩාගාරික Dominic Perrottet මේ බව ප්‍රකාශ කළේය.

මෙය අත්හදා  බැලීමේ ව්‍යාපෘතිය සදහා Dubbo , Albury හා සිඩ්නි නැගෙනහිර උපනගර වල රියදුරන් 14000ක් පමණ සහභාගී විය. NSW හි පාරිභෝගික සේවා අමාත්‍ය Victor Dominello ප්‍රකාශ කලේ දැන් සියලු දෙනා අතම ජංගම දුරකථන ඇති නිසා PIN එකක් සහිතව Service NSW app එක ඔස්සේ මෙය භාවිතා කල හැකි බවයි

එසේම අමාත්‍යවරයා පවසන්නේ සාමාන්‍ය බලපත්‍ර වලට වඩා මෙහි ආරක්ෂාව හා අනන්‍යතාව සොරා ගැනීමේ හැකියාව අඩු බවයි. මෙය රිය පැදවීමට සේම හෝටල්, මත්පැන් වෙළද සල්, බැංකු ආදී ව්‍යාපාර මගින්ද පිළිගනු ඇති . නමුත් මෙය වෙනත් ප්‍රාන්ත වල ඔබේ හැදුනුම් පත ලෙස යොදා ගත නොහැකියි.

වෙනත් ප්‍රාන්ත වල තත්වය

මේ වන විට ක්වීන්ස්ලන්තයේද යම් ප්‍රදේශයක digital wallet නම් L හෙවත් Learner බලපත්‍ර, photo ID හා recreational marine licences යන බලපත් අඩංගු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

දකුණු ඕස්ට්‍රේලියාවේ ද මේ වන විට mySA GOV' app එක මගින් ඩිජිටල් බලපත්‍ර ක්‍රියාත්මක වන අතර සාමාන්‍ය බලපත්රද භාවිතයේ පවතී. වික්ටෝරියා ප්‍රාන්තය මෙය වසර 2017 සිට පරීක්ෂණ මට්ටමෙන් සිදු කලද තවමත් එය ක්‍රියාත්මක නොවේ. බටහිර ඔස්ට්‍රේලියාවේද මෙය 2016දී යෝජනා වුවද තවම ක්‍රියාත්මක නොවේ. ටස්මෙනියාව හා NT හි මෙය තවමත් අවධානයට යොමු වී නැති කරුණක්.

Source: SBS Feed

c
Source: SBS

 


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now