SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කල පුද්ගලික සහ සමාගම් බදු කප්පාදු කෙටුම් පතෙහි දෙවන අදියරට කණ කොකා හඬයි.

Senator the Hon Finance minister Mathias Cormann
Senator the Hon Finance minister Mathias Cormann Source: Mathias single : AAP Image/ MICK TSIKAS

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

රජය විසින් පසුගිය සඳුදා සෙනෙට් සභාවට ඉදිරිපත් කරන ලද පුද්ගලික සහ සමාගම් බදු කප්පාදු කෙටුම් පතෙහි කොටසක් ඉවත්කොට එය නැවත ඉදිරිපත් කිරීමට සෙනෙට් සභාව තීරණය කරයි. ඒ අනුව මෙම බදු කප්පාදු යෝජනාවලියේ දෙවන අදියර ලෙසින් වසර 2024 සිට ක්‍රියාත්මක වීමට නියමිත වැඩි ආදායම් ලාභින් හට ලැබීමට නියමිතව ඇති බදු සහනය ඉවත් කෙරේ. ඔවුනට මෙතෙක් වාර්ෂිකව රජයට ගෙවීමට තිබු 37%ක බදු ප්‍රතිශතය 32,5% ක් දක්වා අඩු කිරීමට රජය මෙම බදු කප්පාදු කෙටුම්පත මඟින් යෝජනා කොට තිබිණ. සෙනෙට් සභාව මඟින් මෙය ඉවත් කිරීමත් සමඟ මෙම කෙටුම්පත සංශෝධන සඳහා නැවත පහල මන්ත්‍රණ සභාවට හරවා යැවෙනු ඇත.

මෙම බදු කප්පාදු පනත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ලෙසට කම්කරු පක්ෂය මිට පෙර යෝජනා කොට තිබිණ. එහෙත් කෙසේ හෝ මෙය තනි පනතක් ලෙසට ගෙන ඒමට ක්‍රියා කරන බව රජයේ ඉදිරිපෙල මන්ත්‍රී, මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය මෙතායස් කෝමන් පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now