SKIP TO MAIN CONTENT

මාලිංගට IPL යන්න අවසර.

Malinga got permission to join IPL
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් IPL 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ 20-20 පිලේ නායක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

ශ්‍රී ලංකාවේදී ලබන මස 4 වැනිදා ආරම්භ වන අන්තර් පළාත් එක්දින තරගාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන් සහභාගි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනිවාර්ය කිරීමත් සමඟ මාලිංගට මෙවර IPL තරග හයක් අහිමිවීමේ අවදානමක් ඇති විය.

නමුත් ඉල්ලීම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙලෙස ලසිත් මාලිංගට 2019 IPL තරගාවලියට සහභාගි වීම සඳහා අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මාලිංගට IPL තරගාවලියට සහභාගි වීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉන්දියාවෙන්ද ඉල්ලීමක් ලැබූ තිබුණු බවත් IPL තරගාවලියේ තරගකාරිත්වය හේතුවෙන් මාලිංග එයට සහභාගී වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පාඩුවක් නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

2019 IPL තරගාවලිය මාර්තු 23 වන දින ආරම්භ වූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අවසන් 20-20 තරගය හේතුවෙන් ඊයේ (25/03) දිනයේ පැවති මුම්බායි ඉන්දියන්ස්  පිලේ පළමු තරගයද මාලිංගට අහිමිවිය.   

IPL ක්‍රීඩක වෙන්දේසියේදී මෙවර මාලිංගව ඉන්දීය රුපියල් කෝටි දෙකකට මුම්බායි ඉන්දියන්ස් පිල මිලදී ගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now