SKIP TO MAIN CONTENT

දකුණු ඔස්ට්‍රේලියාවේ නව ප්‍රාන්ත අගමැති දිවුරුම් දෙයි.

Steven Marshall has been officially sworn in as South Australian premier
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දකුණු ඔස්ට්‍රේලියාවේ නව ප්‍රාන්ත අගමැති ලෙස ලිබරල් පක්ෂයේ Steven Marshall අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.

මේ අතර නියෝජ්‍ය ප්‍රාන්ත අගමැති ලෙස Vickie Chapman ද භාණ්ඩාගාරික අමාත්‍යවරයා ලෙස Rob Lucas ද අද පස්වරුවේ දිවුරුම් දුන් අතර කැබිනට් මණ්ඩලයේ සෙසු මන්ත්‍රීවරුන් මෙම සතිය අවසානයේ දී දිව්රුම් දෙනු ඇත.

පසුගිය මාර්තු 17 වන දින පැවති දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් බලයේ සිටි කම්කරු පක්ෂය පරදා ලිබරල් පක්ෂය ජය හිමි කරගත්තේය.

ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ඇති මුළු ආසන 47 න් ආසන 24 ක් දිනාගැනීමට ලිබරල් පක්ෂය සමත්වූ අතර කම්කරු පක්ෂයට ලබා ගත හැකි වුයේ ආසන 18 ක් පමණි.

දකුණු ඔස්ට්‍රේලියාවේ පවතින බදු බර අඩු කිරීම හරහා ජීවන වියදම අවම කිරීම තම රජයේ මූලික අපේක්ෂාව බව අද දිනයේ දිව්රුම් දෙන දකුණු ඔස්ට්‍රේලියාවේ නව ප්‍රාන්ත අගමැති Steven Marshall, ABC පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now