දශක ගණනක් සිනමාවේ සැරිසැරූ රෝයි ද සිල්වා අද අවසන් ගමන් යයි.

Roy de Silva passed away

Source: Lankadepa

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා පසුගිය සති අන්තයේදී අභාවප්‍රාප්ත විය.

මියයන විට වයස අවුරුදු 80 වන වියේ පසුවූ ඒ මහතා හෘදයාබාධයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

එතුමාගේ අවසන් කටයුතු අද (02/07) සවස බොරැල්ල සුසාන භූමියේදී සිදු කරන බව වාර්තා වේ.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා කොළඹදී උපන් චතුර රත්න දේවාදිත්‍ය ගාර්දියවසම්මුදලිගේ රෝයි ඇලෝසියස් ෆීලික්ස් ද සිල්වා නම්වූ ඔහු ලාංකේය සිනමාවේ රෝයි ද සිල්වා නම් විය.

90 දශකයේ සිංහල සිනමාව ඉතා පහතට කඩා වැටෙමින් පවතින විට චිත්‍රපට 7 ක් අධ්‍යක්ෂණය කරමින් ආදායම් වාර්තා තබන්නට රෝයි ද සිල්වා සමත් විය.

චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං, ලව් 94, ඔක්කොම කණපිට, රෑ ඩැනියෙල් දවල් මිගෙල් - 1 සහ 2 එම චිත්‍රපට වේ.

රෝයි ද සිල්වා මහතා ලාංකේය සිනමාවට දැක්වූ දායකත්වය අතරේ ටොම් පචයා, තණ ගිරවි, සුදු පිරුවට, හිත හොඳ පුතෙක්,  හිත හොඳ කොල්ලෙක්, ගෙදර බුදුන් අම්මා, තාත්ති මං ආදරෙයි, ජීවන් මල්ලී, පෙම් කැකුල, චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං, සුමිතුරෝ, ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, ඉට්ස් අ මැටර් ඔෆ් ලව්, ක්ලීන් අවුට්, සැපට දුකට සනී, සූරයන් අතර වීරයා, රැජින මමයි,  විජේ සහ අජේ, ජොන්සන් ඇන්ඩ් ගොන්සන්,  ඔක්කොම කනපිට, සොඳුරු වසන්තය නිර්මාණ දැක්විය හැකිය.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now