ශ්‍රී ලංකාවේ මේ දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ලෙස ඊයේ (12/03) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව කඩුලු 6 ක ජයක් අත් කරගත්තේය.
වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දු වාර 19 කට සීමා කර තිබූ අතර එහිදී පන්දු යවන්නන් සිවුදෙනෙකුට පන්දු වාර 4 බැගින්ද, එක් පන්දු යවන්නකුට පන්දු වාර 3 ක්ද යැවීමේ අවස්ථාව හිමිවූහ.
තරග 2 ක තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලංකා මෙම තරගයේදී කණ්ඩායමට කැඳවා සිටි අතර රිෂාබ් පාන්ට් වෙනුවට මුල් පෙළ පිතිකරු ලෝකේෂ් රාහුල් ඉන්දීය කණ්ඩායමට කැඳවා සිටියේය.
කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය.
උපුල් තරංග ලකුණු 22 යි.
ඉන්දීය පිළේ Shardul Thakur සිය පන්දු වාර 4 ඇතුළත ශ්‍රී ලංකා පිළේ කඩුලු 4 ක් බිඳ හෙළීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මනීෂ් පාණ්ඬේ සහ දිනේෂ් කාර්තික් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ.
පන්දු 31 කට මුහුණදුන් පාණ්ඬේ හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් නොදැවී ලකුණු 42 ක් ලබා ගත් අතර පන්දු 25 කට මුහුණදුන් දිනේෂ් කාර්තික් නොදැවී 39 ක් ලබා ගත්තේය.
තරගයේ වීරයා සම්මානය ඉන්දීය පිළේ Shardul Thakur හට හිමි විය.
මේ වන විට ශ්‍රී ලංකාව එක් තරගයක් පමණක් ජය ගෙන ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ එළඹෙන මාර්තු 16 දින බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය පමණි.
තරගාවලියේ අවසාන මහා තරගයට පැමිණීමට නම් ශ්‍රී ලංකාව එම තරගය ජය ගත යුතු අතර බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පවත්වන තරගය මත ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.
මේ වන විට කන්ඩායම් ත්‍රිත්වය ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පහත පරිදි වේ.


