SKIP TO MAIN CONTENT

BREAKING NEWS - ඕස්ට්‍රේලියානුවන්ට විදෙස් ගමන් තහනම් : පුද්ගලයින් 100 කට වඩා රැස්වෙන්න බැහැ

 Scott Morrisson
Australia PM Scott Morrisson Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පුද්ගලයින් 100 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ගෘහස්තව රැස්වන අත්‍යවශ්‍ය නොවන ඒකරාශිවීම් තහනම් කිරීමට සහ ඕස්ට්‍රේලියානුවන්ට විදෙස් ගමන් තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි. ඔස්ට්‍රේලියාව තුල සිදුවෙමින් පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා රජය විසින් මෙම පියවර ගනු ලැබ ඇත.

කෙසේ වෙතත්, මෙම සීමාවන් පාසල්, පොදු ප්‍රවාහන හා වෛද්‍ය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය සේවා ස්ථාන සඳහා අදාළ නොවේ. එවැනි අවස්ථාවන්හිදී, ළඟම ඇති පුද්ගලයාට අවම වශයෙන් මීටර් 1.5 ක් දුරින් සිටින ලෙසටද දැනුම් දී තිබේ.

COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගන්නා බව අගමැති ස්කොට් මොරිසන් අද - බදාදා (18 March) ජාතිය අමතමින් ප්‍රකාශ කොට සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now