SKIP TO MAIN CONTENT

අද සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පැය 8කට වැසෙන අයුරු.

Bandaranayake International Airport
Bandaranayake International Airport Source: BIA

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

අද (06/01)සිට ලබන අප්‍රේල් 06 වන දින දක්වා මාස තුනක කාලයකට දිනකට පැය 08 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා තැබීමට නියමිතය.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටින්  ගුවන් ගතවීමට නියමිත මගීන් පිටත්ව යාමට නියමිත වේලාවට පැය 05 කට පමණ පෙර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙසද ගුවන්තොටුපල බලධාරින් ඉල්ලා සිටියි.

ගුවන් තොටුපල වසා තැබෙන කාල වකවානුව තුළ දිනකට ගුවන් ගමන් විස්සක් පමණ අවලංගු කෙරෙන බවද වාර්තා වේ.

මේ අතර කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ගුවන්තොටුපල අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව අප්‍රේල් 06 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 03 සිට පසුදින පෙරවරු 09 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

අධිවේගී මාර්ගයේ 18 කණුවෙන් කොළඹ හා හලාවත දෙස සිට පැමිණෙන වාහන, මිනුවන්ගොඩ දෙස සිට පැමිණෙන වාහන, ආයෝජන ප්‍රවර්ධන කාලපයට ඇතුළුවන සහ පිටවන වාහන සඳහා මෙම නව සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත.

ගුවන් තොටුපල ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර ඒ සඳහා වැයවන මුදල රුපියල් කෝටි 720 ක් බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now