SKIP TO MAIN CONTENT

බංග්ලාදේශය 163 කට ලංකාවෙන් පළි ගනී.

Bangladesh's players celebrate the dismissal of Sri Lanka's Thisara Perera during the Tri-Nation one-day international cricket series in Dhaka, Bangladesh, Friday, Jan. 19, 2018. (AP Photo/A.M. Ahad)
Bangladesh's players celebrate the dismissal of Sri Lanka's Thisara Perera during the Tri-Nation one-day international cricket series in Dhaka, Bangladesh, Source: AP

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා, බංග්ලාදේශ හා සිම්බාබ්වේ තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගය ලෙස ඊයේ (19/01)  පැවති ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 163 ක දැවැන්ත ජයක් අත් කරගත්තේය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශය, ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 320 ක් රැස් කළේය.

නමුත් ජයග්‍රහණය සදහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 32.2  කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157 ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට මෙම තරගයේදී ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි සහ තෙවැනි පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට (19) සහ නිරෝෂන් දික්වැල්ලටද (18) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ.

කෙටි ලකුණු ලබාගනිමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සමගින් ලකුණු 28 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයෑමකට හසුවිය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ තිසර පෙරේරා පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළ අතර සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

පාදයේ ආබාධක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර දිනේෂ් චන්දිමාල් විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබිණ.

තරගයේ වීරයා සම්මානය ලකුණු 67 ක් සහ කඩුලු 3 ක් ලබාගත් බංග්ලාදේශ පිළේ  Shakib Al Hasan හට හිමි විය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (21/01) පස්වරු 5 ට ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now