කැන්ගරුවන්ව දන ගස්සවා බංග්ලාදේශය ප්‍රථම ටෙස්ට් ජය වාර්තා කරයි.

Bangladesh claim historic first Test win over Australia

Source: Getty Images

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකා නුවර දී පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට අද (30/08) දිනයේ සමත් විය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව බංග්ලාදේශය ලබාගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලෙසද මෙය ඉතිහාසගත වේ.

දෙරට අතර මේ වන විට ටෙස්ට් තරග 5 ක් පවත්වා ඇති අතර ඉන් 4 ක් ඔස්ට්‍රේලියාවත් එක් තරගයක් බංග්ලාදේශයත් ජයගෙන තිබේ.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර සිය ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 260 ක් ලබා ගත්තේය.

එහිදී ශකීබ් අල් හසන් ලකුණු 84 ක්ද තමීම් ඉක්බාල් ලකුණු 71 ක්ද  ලබාගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 217 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.

එහිදී ශකීබ් අල් හසන් කඩුලු 5 ක් බිඳ දැමීමටද සමත් වුයේය.

සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 221 කට සියල්ලන්ම දැවී ගියේය.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 265 ක ඉලක්කයක් හඹා යාමට දෙවැනි ඉනිමේදී පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව ලකුණු 244 කට දවාලීමත් සමග බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 20 කින් තම ඓතිහාසික ටෙස්ට් ජය ලැබීය.

එහිදීද ශකීබ් අල් හසන් කඩුලු 5 ක් බිඳ දැමීමට සමත් වීම විශේෂත්වයකි.

තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන් ට හිමි විය.


2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now