SKIP TO MAIN CONTENT

නිරෝධායන නීති නිසා බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය යළි අවිනිශ්චිත තත්ත්වයක

Bangladesh cricket tour of Sri Lanka in a precarious situation again
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ටෙස්ට් තරග තුනකින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කොරොනා නිරෝධායන නීති හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

විදෙස් රටක සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළු වන සෑම පුද්ගලයකුම කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා දින 14 ක නිරෝධායනයක් පවත්වා ගත යුතුය.

නමුත් බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය එම කාල සීමාව දින හතක් දක්වා අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැමිණීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කළ මෙම යෝජනාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූල නොවන හෙයින් එරට ක්‍රිකට් කළමනාකාරීත්වය අපේක්ෂා කරන පිළිතුර ලබාදීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

මෙම තරග සංචාරය පසුගිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමිණි.

එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය යම් දුරකට පාලනය වී ඇති හෙයින් බංග්ලාදේශ පිලේ තරග සංචාරය සැප්තැම්බර් - ඔක්තෝබර් අතරතුර පැවැත්වීමට දෙරට ක්‍රිකට් පාලක මණ්ඩල එකඟතාවකට පැමිණියහ.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පිල මේ මස 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ 27 වැනිදා සිට තරගාවලියේ පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර ඉල්ලා තිබිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now