SKIP TO MAIN CONTENT

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථම ටෙස්ට් ජය වාර්තා කරයි.

Bangladesh script four-wicket win to level series 1-1
Bangladesh captain Mushfiqur Rahim (C) and teammates celebrate their victory over Sri Lanka by four wickets on the fifth and final day Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් අත් කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (19/03)  සමත් විය.

 බංග්ලාදේශ කණ්ඩායමේ 100 වන ටෙස්ට් තරගයේදී මෙම ජයග්‍රහණය අත් කරගැනීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ප්‍රථම ටෙස්ට් ජය ලෙසද ඉතිහාසයට එක්වේ.

 ප්‍රථමයෙන් පන්දුවට  පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 338ක් ලබා ගත් අතර බංග්ලාදේශය ඊට පිළිතුරු ලෙස ලකුණු 467ක් රැස් කරගත්තේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 318ක් රැස් කළ අතර තරගයෙන් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශයට ලකුණු 191ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණි.

ඒ අනුව බංග්ලාදේශය කඩුලු 6ක් දැවී එම ඉලක්කය පහසුවෙන් පසුකළේය.

තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශයේ Tamim Iqbal හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය Shakib Al Hasan  හට හිමි විය.

ඒ අනුව මෙම ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

දෙරට අතර පැවැත්වෙන ප්‍රථම එක් දින ජාත්‍යන්තර තරගය එළඹෙන මාර්තු 25 වන දින රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now