SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගිවිසුම් 14ක්.

Sri Lanka Politics
Source: SL President Media

1 min read

Published



Skip to article content

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14/07) පෙරවරුවේ සිදු විය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනපතිවරයා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 14  කට අත්සන් තැබීම ද රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ සිදු විය.

දෙරටේ ප්‍රමිති ආයතන දෙක අතර ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් වන ගිවිසුමකට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා අත්සන් තැබූහ. 

මීට අමතරව දෙරට අතර ආර්ථීක, කෘෂිකාර්මික, ඇඟළුම්, නෞකා යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම, තොරතුරු තාක්ෂණය, ගුවන්විදුලි සහ රූපවාහිනි සංවර්ධනය, විදේශ සේවා නිලධාරින් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම සහ දෙරට අතර රාජතාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කිරීම ඇතුළු ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now