SKIP TO MAIN CONTENT

බංග්ලාදේශ ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරය යළි කල් දැමේ

Bangladesh tour of Sri Lanka postponed again
Bangladesh tour of Sri Lanka postponed again Source: AAP Image/Muzi Ntombela/BackpagePix

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බංග්ලාදේශ ක්‍රිකට්  පිළේ ශ්‍රී ලංකා සංචාරය යළි කල් දැමීමට තීරණය කර තිබේ.

තරග සංචාරයේ නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවකට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තරගාවලිය යළි කල් දැමීමට සිදු විය.

ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් දින 14 ක කාලයක් හෝටල් වල නිරෝධායනය විය යුතු බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇති අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට විරුද්ධත්වය පළ කර ඇත.

මෙම තරගාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරග තුනක් පැවත්වීමට නියමිතය.

මෙම තරගාවලිය අවලංගු නොකළ බවත් එය පැවැත්වීම පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Nazmul Hassan පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now