SKIP TO MAIN CONTENT

පර්පචුවෙල් සමාගම් විසි අටේම බැංකු ගිණුම් අත් හිටුවයි.

Bank accounts of 28 PTL companies frozen
Source: Daily Mirror

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28 හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇති බව "Sunday Times" පුවත්පත වාර්තා කරයි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝෂියස් මහතා අධ්‍යක්‍ෂධූරය හෙබවූ මෙම සමාගම්වල ගිණුම් පවත්වාගෙන යන සියලුම බැංකුවලට, ශ්‍රී ලංකා මහබැංකුවෙන් පසුගිය බදාදා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

අදාළ ගිණුම්වල මුදල් ඉවත්කර ගැනීමට පර්පචුවෙල් ව්‍යාපාර සමූහය සූදානම් වන බවට බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරු මත මෙම තීරණය ගත් බව වාර්තා වේ.

ගිණුම් අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම් 28ට තම ගිණුම් භාවිත කරමින් කිසිඳු මූල්‍ය හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට නොහැකි වේ.

මෙසේ තහනමට ලක් කළ සියලුම බැංකු ගිණුම් එකින් එක ගෙන පරීක්ෂාවට ලක්කිරීමට මහ බැංකුවෙන් පියවර ගෙන ඇති නමුත් සේවක වැටුප් ගෙවීම වැනි දෛනික කටයුතු  කරගෙන යෑමට ඒ අතර පහසුකම් සලසා ඇති බවද වාර්තා වේ.

පර්පචුවෙල් ටේ‍රෂරීස් පුද්ගලික සමාගම, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගම සහ ඉන්ටග්‍රේටඞ් මීඩියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ද, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙසේ බැංකු ගිණුම් තහනම් කරනු ලැබ ඇති සමාගම් අතර වන බව "Sunday Times" පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now