ඕස්ට්‍රේලියානු බැංකු පද්ධතියේ විවිධ මුල්‍ය අක්‍රමිකතා පවතින බවට තොරතුරු වාර්තා වීමත් සමග ඒ සදහා පාර්ලිමේන්තු විමර්ශනයක් කැදවීමට ෆෙඩරල් රජය පියවර ගත් අතර, දින තුනක් පුරාවට පවතී මෙම විමර්ශනයට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක ප්‍රධාන බැංකු හතරම සහභාගී වූ බව සදහන්.
ප්‍රාථමික විමර්ශනයෙන් අනතුරුව බැංකු වල සංස්කෘතියේ ඇති දෝෂ නිවැරදි කිරීමට බලාපොරොත්තු වන බව රජය ප්‍රකාශ කලත්, බැංකු පද්ධතියේ සංස්කෘතිය තුල එවැනි ගැටළුවක් නොමැති බව බැංකු ප්‍රධානින් මෙහිදී ප්‍රකාශ කර තිබිණි. නමුත් මෙම තුන් දින විමර්ශනයේදී බැංකු ප්‍රධානීන් තම ආයතන මගින් සිදු වූ වැරදි සම්බන්ධයෙන් සමාව ඇයද සිටීම වැදගත් කරුණක්.
National Australia (NAB ) බැංකුවේ ප්‍රධානී Andrew Thorburn මෙම විමර්ශනය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, තම බැංකුව මගින් සිදුව ඇති වැරදි සම්බන්දයෙන් තමන් ආඩම්බර නොවන බවයි. එමෙන්ම තම ආයතනයේ මුල්‍ය උපදේශන අංශයේ දුර්වලතා හේතුවෙන් අපහසුතාවයට පත් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් Thorburn මහතා සදහන් කලේ, තමන් බැංකුකරුවෙකු වීම පිළිබද ආඩම්බර වන නමුත් මෑත අවුරුදු කීපය තුල බැංකු කේෂ්ත්‍රයේ ගැටළු පවතින බව තමන් පිළිගන්නා බවයි.Westpac බැංකුවේ ප්‍රධානී Brian Hartzer මෙම විමර්ශනයේදී අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මහජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීම සදහා බැංකු කේෂ්ත්‍රයට බොහෝ දේ කල යුතුව ඇති බවයි. Commonwealth සහ ANZ බැංකු ප්‍රධානීන්ද මීට සමාන මත මෙහිදී ප්‍රකශ කල අතර අසාධාරණ ලෙස අධික ගාස්තු අයකිරීම සහ මුල්‍ය උපදේශන සේවාවන් සැපයීමේදී සමහරක් තම සේවකයින් වංචාකාරී ලෙස කටයුතු කර ඇති බව මෙහිදී බැංකු ප්‍රධානින් පිළිගැනීම කැපී පෙනෙන කාරණයක්.
මුල්‍ය කටයුතු ඇමතිනී Kelly O'Dwyer සදහන් කරන්නේ මෙම විමර්ශනයෙන් අනතුරුව ඉදිරිපත් කරන වාර්තාව පාරිභෝගික පැමිණිලි සදහා සාධාරණ විසදුම් ලබාදීමට පිටුවහලක් වනු ඇති බවයි.
මේඅතර බැංකු කේෂ්ත්‍රයේ අක්‍රමිකතා සොයා බැලීමට රජය පාර්ලිමේන්තු විමර්ශනයක් කැදවීම ග්‍රීන්ස් සහ කම්කරු පක්ෂයේ විවේචනයට ලක්ව ඇති අතර ඔවුන්ගේ මතය වී තිබෙන්නේ රජය ජනතා ප්‍රසාදය දිනා ගැනීමට මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි. මෙම විමර්ශනය කිසිදු ප්‍රථිපලයක් නැති ක්‍රියාවක් බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් ප්‍රකාශ කර තිබේ.
මෙම විමර්ශනයෙන් හෙලිකරගන්නා කරුණු කරන මත බැංකු කේෂ්ත්‍රයේ සංස්කෘතික වෙනසක් සිදුකිරීමට කාලයක් ගත වනු ඇති බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ මතය වී තිබේ.

