ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට තම බැංකුවෙන් ලැබෙන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ගැන ප්‍රවේශම් වන ලෙස අවවාද කෙරේ.
බැංකුවෙන් ලැබෙන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ලෙස වංචාකරුවන් විසින් ගන්නා දුරකථන ඇමතුම් සහ එවනු ලබන කෙටි පණිවිඩ පිලිබඳ ඇතැම් පාරිභෝගිකයින්ගෙන් ලැබී ඇති පැමිණිලි හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ නවතම වංචාව
අදාළ බැංකුවේ නීත්‍යානුකූල දුරකථන අංකයෙන් ඇමතුම එන බව පෙන්වීමෙන් හෝ සැබෑ බැංකු පණිවිඩ ලෙස අදාළ බැංකුව මීට පෙර එවනු ලැබූ පණිවිඩ මාලාවේම නවතම පණිවිඩයක් ලෙස දිස්වන කෙටි පණිවිඩයක් යැවීමෙන් වංචාකරුවන් පාරිභෝගිකයින්ව රැවටීමට නව තාක්ෂණය භාවිත කරන බව ACCC හි Scamwatch වෙත ලැබෙන පැමිණිලිවලින් පෙනී ගොස් ඇත.
Scamwatch වෙත වසර 2022 දී බැංකු සම්බන්ධ ව්‍යාජ වංචා පිළිබඳ පැමිණිලි 14,603ක් ලැබී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන 20කට වඩා පාඩු සිදු විය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඩොලර් මිලියන 169කට වැඩි පාඩුවක් සමඟ දුරකථන සහ කෙටි පණිවුඩ වංචා සඳහා වූ සම්පූර්ණ පාඩු පසුගිය වසරේ සැලකිය යුතු ලෙස වැඩි විය.
“බැංකු ලෙස පෙනී සිටිමින් කරන වංචාවන් ගැන අපි ඇදහිය නොහැකි තරම් කනස්සල්ලට පත්ව සිටිනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Catriona Lowe පැවසුවාය.
මෙම වංචාවේ බරපතල දෙය නම්, මේ හරහා පාරිභෝගිකයින්ගේ ඉතුරුම් ගිණුම්වලින් අවසන් ශතය දක්වාම හිස් කිරීම බවත් මෙලෙස සිදුවන පාඩුවල සාමාන්‍ය අගය ඩොලර් 22,000 ක් පමණ වන බවත් ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම ඩොලර් 40,000 ත් 800,000 ත් අතර පාඩු පිළිබඳ පැමිණිලි 90 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.
කෙතරම් නීත්‍යානුකූල බවක් පෙනුනත් සුපරික්ෂාකාරී වන්න
ඔස්ට්‍රේලියාවේ විශාල බැංකු හතර මෙන්ම අනෙකුත් බැංකු සහ මුල්‍ය ආයතන ද මෙම බැංකු වංචාව සිදු කිරීමට වංචාකරුවන් භාවිත කරයි.
ඇමතුම හෝ පණිවිඩය කෙතරම් නීත්‍යානුකූල බවක් පෙනුනත්, බැංකුවක් ඔබෙන් හදිසියේ මුදල් සම්ප්‍රේෂණය කරන ලෙස ඉල්ලා නොසිටින බව මතක තබා ගැනීම ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Catriona Lowe පැවසුවාය.
“ඔබට ඇමතීමට හැකි දුරකථන අංකයක් සහිත කෙටි පණිවුඩයක් ලැබුණහොත් එය භාවිතා නොකරන්න. ඒ වෙනුවට, ඔබ විසින්ම සොයාගත් අංකයකට ඔබේ බැංකුව අමතන්න. ඒවගේම සුරක්ෂිතව තබා ගැනීමට මුදල් මාරු කරන ලෙස ඉල්ලා ඔබේ බැංකුවෙන් ඉල්ලා සිටින කෙනෙකුගෙන් ඔබට ඇමතුමක් ලැබුණහොත් විසන්ධි කරන්න. reference අංකයක් ඉල්ලා ඔබ ස්වාධීනව සොයාගත් දුරකතන අංකයක් භාවිතා කර ඔබේ බැංකුවට නැවත අමතන්න." යනුවෙන්ද ඇය පාරිභෝගිකයින්ට උපදෙස් ලබා දුන්නාය.
කිසිවිටෙක දුරකථනය හරහා කිසිවකුට online බැංකු passwords, one-time security codes, pin අංක හෝ ටෝකන් අංක ලබා නොදෙන ලෙසත් ඇය අවධාරණය කළාය.
ඔබ වංචාවට ලක්ව ඇතැයි ඔබ සිතන්නේ නම් වහාම ඔබේ බැංකුව හෝ මුල්‍ය ආයතනය අමතන්න.
බැංකු සම්බන්ධ කරගෙන සිදුකරන ව්‍යාජ වංචාවල ලක්ෂණ
"ඔබේ බැංකු ගිණුමට කිසිවෙකු ප්‍රවේශවී ඇත", "ඔබේ බැංකු ගිණුම අගුළු දමා ඇත", "ඔබේ ගිණුමෙන් ගෙවීමක් කර ඇත." යන පණිවිඩයක් සමග මේ ඔබ නොවේ නම් කරුණාකර අමතන්න (දුරකථන අංකය)" යන කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.
එම පණිවිඩය අදාළ SMS මාලාවේ ඇති අනෙකුත් පණිවිඩවල ඇති වචන හෝ භාවිතා කර ඇති වාක්‍ය ඛණ්ඩවලට වඩා වෙනස් ලෙස පෙනේ.
පණිවිඩයේ සැක සහිත පෙනුමක් ඇති link එකක් අඩංගු විය හැක. කිසි විටෙකත් link එක ක්ලික් නොකරන්න.
කෙටි පණිවුඩයට ඇමතීමට දුරකථන අංකයක් ඇත. සෑම විටම ඔබේ බැංකුවේ දුරකථන අංකය ස්වාධීනව සොයා ගන්න.
මුදල් ආරක්ෂිතව තබා ගැනීමට' හෝ 'වැඩිදුර විමර්ශනය' සඳහා වෙනත් ගිණුමකට මුදල් මාරු කරන ලෙස අමතන්නා ඔබට කියනු ඇත. මෙය බැංකුවක සම්මත ක්‍රියා පටිපාටි නොවේ. එය වංචාවකි.
සයිබර් අපරාධවලින් සහ Scams වලින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියා මාර්ග
සයිබර් අපරාධවලින් සහ scams වලින් ආරක්ෂා වීමට ගත හැකි මූලික ක්‍රියා මාර්ග පිළිබඳ මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා SBS සිංහල ගුවන් විදුලියට මෙලෙස පැහැදිලි කළේය.
- විශ්වාස කළ නොහැකි මට්ටමේ හදිසියක් මතුකරවන ගෙවීමක් කිරීමට බල කරන, link එකක් click කිරීමට යොමු කරන හෝ file එකක් download කිරීමට යොමු කරන කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලැබුණහොත් ඒ ගැන සැකයෙන් බලා අදාළ ආයතනය සමග එය අත්තක් දැයි සැකහැර තහවුරු කරගන්න.
- එලෙස සැක කටයුතු කෙටි පණිවිඩ සහ දුරකතන ඇමතුම් පිළිබඳ Scamwatch ආයතනයට පැමිණිලි කරන්න.
- ඔබ භාවිත කරන Smart ජංගම දුරකතනය, පරිගණකය, tablet එක වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග සියල්ලම update කිරීම.
- Multi Factor Authentication ක්‍රමය භාවිත කිරීම.
- ඔබ භාවිත කරන උපාංගවල ඔබට අවශ්‍ය වටිනා දත්ත Back up තබා ගැනීම.
- ඔබේ සෑම ගිණුමකටම එකම Password එක භාවිත කිරීමෙන් වැළකීම.