SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියා දිනය වෙනස් නොකිරීමට මෙල්බන් නගර සභාවක් ඒකමතිකව තීරණය කරයි.

Banyule Council votes to keep January 26 Australia Day celebrations
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: The Age



Skip to article content

ජනවාරි 26 වන දිනට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීමට මෙල්බන් නුවර නගර සභා දෙකක් සම්මත කරගැනීමෙන් අනතුරුව තවත් නගර සභාවක්  "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දිනම සැමරිය යුතු බවට සම්මත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස  "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දිනම සැමරිය යුතු බවට සම්මත කරගෙන ඇත්තේ මෙල්බන් හි Banyule නගර සභාව විසිනි.

Banyule නගර සභාව ඒකමතිකව මෙම යෝජනාව සම්මත කරගෙන තිබෙන බවද වාර්තා වේ.

තම නගර සභාවට  "ඔස්ට්‍රේලියා දිනය"  වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් බෙදී වෙන් වනවාට වඩා එක්සත්ව එකමුතු වීම වඩා වැදගත් බව Banyule නගර සභාවේ නගරාධිපති Tom Melican පවසා ඇත.

මීට පෙර මෙල්බන් හි Darebin සහ Yarra නගර සභා ජනවාරි 26 වන දින "ඔස්ට්‍රේලියා දිනය" නොපැවැත්වීමට සම්මත කරගත් අතර එදිනට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ උත්සවද නොපැවැත්වීමට ඒකමතිකව තීන්දු කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now