ඔස්ට්‍රේලියා දිනය වෙනස් නොකිරීමට මෙල්බන් නගර සභාවක් ඒකමතිකව තීරණය කරයි.

Banyule Council votes to keep January 26 Australia Day celebrations

Source: SBS

ජනවාරි 26 වන දිනට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීමට මෙල්බන් නුවර නගර සභා දෙකක් සම්මත කරගැනීමෙන් අනතුරුව තවත් නගර සභාවක්  "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දිනම සැමරිය යුතු බවට සම්මත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස  "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දිනම සැමරිය යුතු බවට සම්මත කරගෙන ඇත්තේ මෙල්බන් හි Banyule නගර සභාව විසිනි.

Banyule නගර සභාව ඒකමතිකව මෙම යෝජනාව සම්මත කරගෙන තිබෙන බවද වාර්තා වේ.

තම නගර සභාවට  "ඔස්ට්‍රේලියා දිනය"  වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් බෙදී වෙන් වනවාට වඩා එක්සත්ව එකමුතු වීම වඩා වැදගත් බව Banyule නගර සභාවේ නගරාධිපති Tom Melican පවසා ඇත.

මීට පෙර මෙල්බන් හි Darebin සහ Yarra නගර සභා ජනවාරි 26 වන දින "ඔස්ට්‍රේලියා දිනය" නොපැවැත්වීමට සම්මත කරගත් අතර එදිනට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ උත්සවද නොපැවැත්වීමට ඒකමතිකව තීන්දු කළේය.


Share

Published

By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියා දිනය වෙනස් නොකිරීමට මෙල්බන් නගර සභාවක් ඒකමතිකව තීරණය කරයි. | SBS Sinhala