SKIP TO MAIN CONTENT

Barcelona නගරයේ ත්‍රස්ත ප්‍රහාරයක්. 16 ක් මරුට. 100 කට තුවාලයි.

Barcelona terror attack
Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ස්පාඤ්ඤයේ Barcelona නගරයේ  ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 100 ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බවට විශ්වාස කරන  Julia Monaco නැමති  ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවද සිටින බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ජූලි බිෂොප් පවසා තිබේ.

වැන් රථය ධාවනය කළ රියදුරා පළා ගොස් ඇති අතර ස්පාඤ්ඤ පොලීසිය ඔහු පසුපස ලුහුබඳිමින් සිටියි.

මේ අතර මෙම සිද්ධියට පසුව සිදු කළ  පොලිස්  සෝදිසි මෙහෙයුමකදී දකුණු Barcelona හි Cambrils නගරයේ ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමට සැරසෙමින් සිටි පුද්ගලයින් පිරිසකට වෙඩි තැබූ බව Catalan පොලීසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් ත්‍රස්තවාදීන් යයි සැක කෙරෙන ප්‍රහාරකයින් සිව්දෙනෙකු මිය ගිය බව BBC  පුවත්සේවය වාර්තා කරයි.

බාසිලෝනා හි සිදුවූ වෑන් රථ ප්‍රහාරයත් ත්‍රස්ත ක්‍රියාවක් බව ස්පාඤ්ඤ පොලීසිය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now