SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ධුරයට යළි Barnaby Joyce පැමිණෙයි

Returning Nationals leader Barnaby Joyce during Question Time
Returning Nationals leader Barnaby Joyce during Question Time Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ Nationals පක්ෂයේ නායකයා ලෙස එහි හිටපු නායක Barnaby Joyce ඊයේ (21/06) යළි පත් විය.

Nationals පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් Barnaby Joyce විසින් ඊයේ ඉවත්වූ නායක Michael McCormack හට සිදුකළ අභියෝගයක ප්‍රතිඵලයක් ලෙස මෙම නායකත්ව වෙනස සිදු විය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස Barnaby Joyce ඊයේ (21/06) යළි තේරී පත් විය.

මන්ද වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ බලය හොබවන ලිබරල් සන්ධාන රජයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස Nationals පක්ෂය ක්‍රියා කරන අතර ලිබරල් සන්ධානය බලයට පත්වූ සෑම විටම Nationals පක්ෂයේ නායකයා හට ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ධුරය හිමිවන බැවිනි.

Barnaby Joyce හට ලිංගික අපයෝජන සඳහාවූ නිල පැමිණිල්ලක් නැෂනල්ස් පක්ෂයේ කෘත්‍යාධිකාර අධ්‍යක්ෂ Ben Hindmarsh වෙත නැෂනල්ස් පක්ෂයේ සාමාජිකයින් 2018 පෙබරවාරි 22 බාර දුන්නේය.

Barnaby Joyce තම මාධ්‍ය උපදේශිකාව සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඇය ගැබ් ගත් පුවත වාර්තා වීමෙන් අනතුරුව මේ තත්ත්වය උද්ගත විය.

එහි ප්‍රතිඵලයක් ලෙස Barnaby Joyce, Nationals පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ධුරයෙන්ද ඉල්ලා අස්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now