SKIP TO MAIN CONTENT

ලිංගික සම්බන්ධයක් නිසා ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වේ.

Barnaby Joyce has resigned as the leader of the Nationals and deputy prime minister of Australia
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ නැෂනල්ස් පක්ෂයේ නායකත්වයෙන්  Barnaby Joyce ඉල්ලා අස් වී තිබේ.

Barnaby Joyce හට ලිංගික අපයෝජන සඳහාවූ නිල පැමිණිල්ලක් නැෂනල්ස් පක්ෂයේ කෘත්‍යාධිකාර අධ්‍යක්ෂ Ben Hindmarsh වෙත නැෂනල්ස් පක්ෂයේ  සාමාජිකයින් ඊයේ (22/02) බාර දී තිබේ.

නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce තම මාධ්‍ය උපදේශිකාව සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඇය ගැබ් ගත් පුවත වාර්තා වීමෙන් අනතුරුව මේ තත්ත්වය උද්ගත වී ඇත.

මෙනිසාම Barnaby Joyce නැෂනල්ස් පක්ෂයේ නායකත්වයනේ සහ නියෝජ්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහුගේ පක්ෂයෙන් බලපෑම් එල්ල වෙමින් පැවතුණි.

නමුත් තමන් කිසි ලෙසකවත් නියෝජ්‍ය අගමැතිධුරය හෝ පක්ෂ නායකත්වය අත්නොහරින බව Barnaby Joyce ඊයේ වන තුරු ප්‍රකාශ කර සිටියේය.

මෙම ලිංගික අපයෝජන සිද්ධියත් සමග Barnaby Joyce නැෂනල්ස් පක්ෂයේ නායකත්වයනේ ඉවත් කළ යුතු බවට ප්‍රථම වරට පවසා සිටියේ වික්ටෝරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Broad  විසිනි.

ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බුල් මේ වන විට ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටින බැවින් වැඩ බලන අගමැති Mathias Cormann හට තමන්ගේ ඉල්ලා අස්වීම දැනුම් දුන් බව ද Barnaby Joyce පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now