SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවෙන් පිටවෙන්න හැදූ බැසිල් ට ගුවන් තොටුපොලේදී ආපසු හැරී යන්න සිදුවෙයි.

Basil Rajapaksha_ Sri Lankan former finance miniser
Basil Rajapaksha_ Sri Lankan former finance miniser Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ඉල්ලා අස්වුණු, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (ජුලි 11) රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇතත් ආපසු හැරී යාමට සිදුවුණු බව වාර්තා වේ.

ගුවන් මගියෙකු වෙනුවෙන් පාස්පෝර්ට් මුද්‍රා තැබීමට සහ ඔවුනගේ ගමන් මලු එකතු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ගුවන් සේවා අධිකාරියේ විශේෂ ගෙවීමේ සේවාවක් සහිත මගී විවේකාගාර සේවාවක් වන "Silk Route" පිටත්වීමේ පර්යන්තයට ඔහු පැමිණ ඇත.

ඔහු පැමිණීමත් සමග ආගමන විගමන නිලධාරීන් සිය රාජකාරිවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නොහැකිව ආපසු හැරී ගොස් ඇති බවට SBS සිංහල සේවයට වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු "Silk Route" සේවාවේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

Silk Route service_ Sri Lankan Aviation Authority
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now